සුභ දවසක් වේවා කට්ටියටම..!
ඉතින් කලින් ලිපි වලින් මම ධාරාව සහ වෝල්ටීයතාවය කියන රාශින් ගැන තොරතුරු බිදක් ගෙන ආවනේ, ඒක හින්දා අද මං කතා කරන්න යන්නේ ඒ රාශින් මැනීමට මැනීමට අපි භාවිතා කරන සම්මත ඒකක පිළිබදවයි. ඉතින් මුලින්ම අපි වෝල්ටීයතාව මැනීමට භාවිතා කරන 'වෝල්ට්' (V) කියන ඒකකය ගැන කතා කරමූ..
'වෝල්ටීයතාව' නැත්නම් විද්‍යුත් පීඩන වෙනස,විභව අන්තරය ආදි නම් වලින් හදුන්වනු ලබන රාශිය මැනීම සදහා අපි භාවිතා කරන සම්මත ඒකකය තමා මේ 'වෝල්ට්' කියලා කියන්නේ. ඉතින් ඒක සංකේතවත් කරන්න අපි කැපිටල් වී (V) අකුර භාවිතා කරනවා.
මෙමගින් අපිට යම් පරිපථයක ඇති වෝල්ටීයතා වෙනස මැනීමට අවශ්‍ය නම් අපි 'වෝල්ට්මීටරය' එම පරිපථයට සමාන්තරගතව සම්බන්ධ කිරීම තුලින්, එම පරිපථයේ ඇති වෝල්ටීයතා වෙනස මැනගැනීමට පුළුවන්.
ඉතින් මේ විදියට වෝල්ටීයතාව මැනීමට අපි සම්මත ඒකකය විදියට 'වෝල්ට්' (V) කියන ඒකකය භාවිතා කලත්, සෑම විභව අන්තරයක්ම වෝල්ට් වලින් මනින්න අමාරුයි. මොකද වෝල්ට් එකකට (1V) වඩා කුඩා ප්‍රමාණයේ විභව අන්තර සහ විශාල ප්‍රමාණයේ විභව අන්තර ප්‍රමාණ තියෙනවනේ. ඉතින් ඒක නිසා අපිට වෝල්ට් කියන සම්මත ඒකකයේ 'උප ඒකක' අවශ්‍ය වෙනවා. ඉතින් ඒ උප ඒකක අතර තියෙන සම්බන්ධතා මං පහලින් දක්වන්නම්..
ඇලෙක්ස්‍රැන්ඩර් වෝල්ටා |
ඉතින් මේ වෝල්ටීයතාව මැනීම සදහා සම්මත ඒකකය ලෙස 'වෝල්ට්' යන ඒකකය යොදනු ලැබුවේ, සරල කෝෂය නිපදවූ "ඇලෙක්ස්‍රැන්ඩර් වෝල්ටා" නම් විද්‍යාඟදයාට ගෞරවයක් ලෙසයි.
සාමාන්යයෙන් වෝල්ට් එකක් (1V) කියලා කියන්නේ "සන්නායකයක එක් ස්ථානයක සිට තවත් ස්‍ථානයකට කූලෝමයක(1C) ආරෝපණයක් ගලායාමේදි, එහිදි ජූලයක කාර්යයක් සිද්ධවෙනවනම්. එම ස්ථාන දෙක අතර තිබෙන විභව අන්තර නැතිනම් වෝල්ටීයතා ප්‍රමාණයටයි."
ඉතින් දැන් අපි වෝල්ට් ගැන දැනගත්තනේ, දැන් අපි "වෝල්ට්මීටරය" ගැන කතාකරමු.
වෝල්ට් මීටරය (Voltmeter)
සන්නායකයක ස්ථාන දෙකක් අතර ඇති විභව අන්තර ප්‍රමාණය (වෝල්ටීයතාවය) මැනීම සදහා භාවිතා කරන උපකරණය අපි 'වෝල්ට් මීටරය' කියලා හදුන්වනවා.
වෝල්ට් මීටරය |
මෙමගින් අපිට යම් පරිපථයක ඇති වෝල්ටීයතා වෙනස මැනීමට අවශ්‍ය නම් අපි 'වෝල්ට්මීටරය' එම පරිපථයට සමාන්තරගතව සම්බන්ධ කිරීම තුලින්, එම පරිපථයේ ඇති වෝල්ටීයතා වෙනස මැනගැනීමට පුළුවන්.
වෝල්ට් මීටරයක් පරිපථයකට සම්බන්ධ කරන අයුරු |
ඉතින් මේ විදියට වෝල්ටීයතාව මැනීමට අපි සම්මත ඒකකය විදියට 'වෝල්ට්' (V) කියන ඒකකය භාවිතා කලත්, සෑම විභව අන්තරයක්ම වෝල්ට් වලින් මනින්න අමාරුයි. මොකද වෝල්ට් එකකට (1V) වඩා කුඩා ප්‍රමාණයේ විභව අන්තර සහ විශාල ප්‍රමාණයේ විභව අන්තර ප්‍රමාණ තියෙනවනේ. ඉතින් ඒක නිසා අපිට වෝල්ට් කියන සම්මත ඒකකයේ 'උප ඒකක' අවශ්‍ය වෙනවා. ඉතින් ඒ උප ඒකක අතර තියෙන සම්බන්ධතා මං පහලින් දක්වන්නම්..
1MV=1000kV
1kV=1000V
1V=1000mV
1mV=1000µV
ඇම්පියර් (A)
විද්‍යුත් ධාරාව නැතිනම් 'විද්‍යුත් ආරෝපණ ගලායාමේ ශීඝ්‍රතාවය' කියන රාශිය මැනීමට භාවිතා කරන සම්මත ඒකකය තමා අපි 'ඇම්පියර්' කියලා කියන්නේ. ඇම්පියර් සංකේතවත් කිරීමට අපි ඉංග්‍රිසී හෝඩියේ කැපිටල් 'A' අකුර භාවිතා කරනවා.
ඇන්ඩ්‍රි මාරි ඇම්පියර් |
හරි දැන් අපි ඇම්පියර් ගැන දැනගත්තනේ, ඒක නිසා දැන් අපි "ඇමීටරය" ගැන කතා කරමු.
ඇමීටරය (Ammeter)
ඇමීටරය |
ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කරන අයුරු |
ඉතින් මෙමගින් අපිට යම් පරිපථයක ගලන ධාරා ප්‍රමාණය මැනගැනීමට අවශ්‍ය නම්, අපි ඒ පරිපථයට ශ්‍රේණිගතව මෙම ඇමීටරය සම්බන්ධ කිරීම තුලින් එම පරිපථය හරහා ගලන ධාරා ප්‍රමාණය මැනගැනීමට පුළුවන්..
ඉතින් මේ විදියට විද්‍යුත් ධාරාව මැනීමට අපි සම්මත ඒකකයක් විදියට ඇම්පියර් (A) කියන ඒකකය පාවිච්චි කලත්, සෑම විද්‍යූත් ධාරාවක්ම ඇම්පියර් වලින් මනින්න බෑ. මොකද ඇම්පියරයට වඩා ඉතා කුඩා විද්‍යුත් ධාරා ප්‍රමාණත් තියෙනවනේ. ඉතින් ඒක නිසා එම කුඩා ධාරා ප්‍රමාණ මැනීම පහසුකරලීම සදහා, මෙම ඒකකයේ උප ඒකක භාවිතා කරනවා. ඉතින් ඒ උප ඒකක අතර සම්බන්ධතා මං පහතින් දක්වන්නම්.
1MA=1000kA
1kA=1000A
1A=1000mA
1mA=1000µA
1µA=1000nA
හොදයි එහෙනම් දැන් මං ඕගොල්ලන්ට 'ඇම්පියර්' සහ 'වෝල්ට්' පිලිබදව කරුණු ටිකක් ගෙන ආවනේ.
ඉතින් මේ ගැන ඕගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා Comment එකකින් දක්වලා යන්නකෝ,එහෙනම්.....
- Buddhika Isuru -
0 comments:
Post a Comment