(පසුගිය කොටස)
රණසිංහ මුදිහන්සේලාගේ ගාමිණී රණසිංහ කපුමහතා බදාදා කෙම්මුර දිනක මළුව
අතුගාමින් සිටින විට මුණගැසුණා. එතුමා සමඟ කතාකර දේවාලේ කාර්ය ගැන දැන
ගැනීමේදී මැදගොඩ දෙවොලට සීතාවක රාජසිංහ රජු සන්නසකින් මැදගොඩ ගම අක්කර 631,
රූඞ් 1, පර්චස් 18 ප‍්‍රමාණයක් රජතුමා විසින් නින්දගමක් වශයෙන් පූජා කෙරී
දේව රාජකාරි වශයෙන් කොටස් 18 කට වෙන්කර භාරදී ඇත. එයින් පළමුවැන්න වන්නේ
දේවාලයේ කපුකමයි. කපුකමේ රාජකාරිය වන්නේ මංගල්‍ය හතරේදී දෙවියන් වැඩමවීම,
දේවාලයේ සියලූම භාණ්ඩ ආරක්ෂා කිරීම, ගම්මඩුවට වෙඩි බෙහෙත් දීම ආදියයි.
වෙඩි බෙහෙත් දීම කියූ විට කපු මහතාගෙන් අසා සිටියේ කුමකටද කියාය. ඉන්පසු
කපු මහතා ප‍්‍රකාශ කර සිටියේ රජ දවස සිට පෙරහර මංගල්‍යයේ වෙඩිමුරය
පවත්වන්නේ සීතාවක රාජසිංහ රජු දේවාලයට පූජාකර ඇති එතුමාගේ කාලතුවක්කුවෙන්
බවත් එයට වෙඩි බෙහෙත් දීම කපු මහතාගේ කාර්ය බවත්ය. කපුමහතාගේ රාජකාරියෙන්
පසු හේන මාමා පංගුව, ලෙවන්ගමගේ රාජකාරිය, දීගලගේ පංගුව, ගීකියනගේ පංගුව,
පනාවලගේ පංගුව, කල්තොට පංගුව, පුවක්පිටියගේ පංගුව, ඇස්වත්තේ පංගුව,
තිඹිරිපොළගේ පංගුව, මහබද්දගේ පංගුව, මංඩාවලයලැ පංගුව, නැකතිගෙ පංගුව,
ආචාරිගේ පංගුව, මෙම දේවකාරි කොටස් දහ අට රජු විසින් භාරදෙනු ලැබ නින්දගම
ඔවුන්ට කොටස් වශයෙන් භුක්ති විදීමට සලස්වා, දේවාලයේ කටයුතු නිසි පරිදි
කිරීමට අණකර ඇත. මෙම නම්වලින් එම ප‍්‍රදේශයේ වාසගම් පවතී. රජුගේ තුවක්කුව
ආරක්ෂා සහිතව තබා ඇති අතර පෙරහර දිනට පමණක් එය ගෙන නැවතත් ආරක්ෂා සහිතව තබන
බවත් කපු මහතා ප‍්‍රකාශ කරයි.
මැදගොඩ දේවාලයේ කැලණි ගඟට සමාන්තරව දයිගල, කුරුපැත්ත පසුකර යා යුතු වන්නේ
රුවන්වැල්ල වෙතටයි. රුවන්වැල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති අම්බලම විශාලය. නගරය
පුළුල් කිරීමේදීත් මාර්ගය සංවර්ධනය කිරීමේදීත් ඉවත් කිරීමට ඉඩ නොදී
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එය රැකගෙන ප‍්‍රතිසංස්කරණය කරමින් පවතී.
නගර මධ්‍යයේ අම්බලමට පිටුපසින් විශාල බළකොටුවකි. සිංහල රජ සමයේ ආරක්ෂිත
ස්ථානයක් වශයෙන් භාවිතා කළ තැනක් වශයෙන්ද ලන්දේසීන් විසින් 1665 දී ඔවුන්
එය අල්ලාගෙන ශක්තිමත් බළකොටුවක් බවට පත්කර ගනු ලැබ ඇත.
ඉන්පසු ඉංගී‍්‍රසි පාලන සමයේද ශක්තිමත් කර ඇත. ඉංගී‍්‍රසින් විසින්
ඉදිකෙරුණු දොරටුව සහ ප‍්‍රාකාර බැම්ම අදටත් දැකිය හැකි අතර රුවන්වැල්ල නගර
මධ්‍යයේ මෙම ස්ථානයේ මේ වන විට රුවන්වැල්ල පොලිසිය ස්ථාපිත කර ඇත.
රට මැද මාවතේ බළකොටු
කොළොම්තොට කන්ද උඩරට සෙංකඩගල රාජධානිය අතර රට මැද මාවතේ තිබූ බළකොටු අතර
සීතාවක, රුවන්වැල්ල, අරන්දර, ඉද්දමල්පාන, හෙට්ටිමුල්ල, දිවෙල, අට්ටාපිටිය,
බලන, යන ස්ථානවල බළකොටු ඉදිවී ඇත. මෙම බළකොටු අතර සීතාවක බලන සහ
රුවන්වැල්ල, ඉද්දමල්පාන, බළකොටු පාලනය කෙරී ඇත්තේ මහනුවර රජු විසිනි.
රුවන්වැල්ල කොටුව භාවිත කර ඇත්තේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙනි. උඩරට
කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, පුවක්, ඇත්දත්, පඩික්කන්, කැටයම් හෙප්පු ආදිය
වෙළෙඳාම කර ඇති අතර පෘතුගීසින් හා ලන්දේසීන් දෙපක්ෂයම සිංහලයන් හා කළ
වෙළෙඳාමේදී ගැටුම් ඇතිවූ බව ප‍්‍රකාශ වේ. රුවන්වැල්ලේ සිට කොළොම්තොට අතර
බඩු ප‍්‍රවාහනය කර ඇත්තේ කැලණි ගඟ ඔස්සේ පාරු මගිනි.
අට්ටාලගම, අටුළුගම වී ඇත. අට්ටාලගම සීතාවක රාජසිංහ රජුගේ නවාතැන්පොළක් බව
ප‍්‍රකාශ වන්නේ රජතුමා සංචාරය කරන විට රාති‍්‍රය ගත කිරීමේදී අලින්ගෙන්
බේරීම සඳහා අට්ටාල බැඳ ගිනිමැල ගසා තිබූ බවත් එම අසලම ඇති -කනංගම” ඔයට
බිසෝවරුන් දිය නෑම සඳහා ගිය බවත් ප‍්‍රකාශ වේ. අටුළුගම කුඩා විහාරයක්ද ඇති
අතර එම විහාරගෙයට බිසෝවරුන් වන්දනා මාන සඳහා ගිය බවත් අටළුගම පන්සලේ දහම්
පාසලේ සහ දේවාලයේ කටයුතු කරන එන්.පී.ආර්. ගුණවර්ධන මාතාව ඉතිහාසය පිළිබඳව
කරුණු කියා පායි. එතුමිය සමග කතා කරමින් සිටින අතර තුර ප‍්‍රකාශ කර සිටියේ
කබුළුමුල්ල දේවාලය අවට ගම්වල සංඝයා වහන්සේලා පිරිත් නොකියන බවයි. එතුමිය
කිරිඅම්මාවරුන්ගේ දාන කීපයකට එම ගමට ගිය බවත් පිරිත් දේශනා කරන්නට එපා කියූ
බවත් එම නිවැසියන් ප‍්‍රකාශ කළ බවයි.
දෙහිගම්පල් කෝරළේ, පල්ගේම, කබුළුමුල්ල, පොල්ගස්වත්තේ ඇළ, දීගොඩමායිම යන ගම්මාන බවත් එතුමිය පැවසුවාය.
කරවනැල්ල තුන්මංසල අසලින් යටියන්තොට දෙසට කිලෝ මීටර් එකක් පමණ ගිය පසු
කබුළුමුල්ල දේවාලය හමුවෙයි. ප‍්‍රධාන මාර්ගයේ වම්පස කඳුගැටය දෙසට පඩිපෙළ
බැඳ දේවාලයට යෑමට පහසුවෙන ආකාරයට සකස්කර ඇත. ප‍්‍රධාන මාර්ගයෙන් දකුණට
පහළින් ඇත්තේ කැලණි ගංතෙරයි. සීතාවක රාජසිංහ රජ සමයේ මෙම දේවාලය ඉදිකරන
විට මඟුල් කප සිටවූ මුල්ල කප-ලූ-මුල්ල පසුව කබුළුමුල්ල වී යැයි
ජනප‍්‍රවාදයේ පවතී.
කබුළුමුල්ල දේවාලය, හඳුන්වන්නේ -සිද්ධ ගනේගොඩ දෙළොස් පත්තිනි දේවාලය”
යනුවෙනි. දේවාලයට යෑමට පෙර ගල්පඩි පෙළ වම්පස පැත්තේ ගනේගොඩ දේව
ප‍්‍රතිමාවක්, දකුණු පසින් පත්තිනි දේව ප‍්‍රතිමාවක් නිර්මාණය කර දර්ශනීය
ලෙස විනිවිද පෙනෙන ආකාරයට ආවරණය කර තිබෙන ආකාරය දැකිය හැක.
කබුළුමුල්ල දේවාලයේ ආරම්භය පිළිබඳව සොයා බැලීමේදී දේවාලයේ කපු මහතා සොයා
යා යුතුය. දේවාලය අසලම නිවස සාදාගෙන ඇති කපු මහතා කබුළුමුල්ල දේවාලයේ
බස්නායක නිලමේ වරයා ද වෙයි. අභය රණසිංහ මුදියන්සේලාගේ කුඩා බණ්ඩාර රණසිංහ
මහතා 52 වෙනි කපු මහතාය.
ලංකාවේ ඇති දේවාල රජමහා විහාර අතරින් බස්නායක නිලමේ ධුරයක් දේවාලයේ
කපුමහතාත් යන නිලයන් දෙකම දරන එකම දේවාලය වන්නේ කබුළුමුල්ල දේවාලයයි. එතුමා
ප‍්‍රකාශ කරන්නේ රජ පරම්පරාවෙන් සන්නසකින් ලැබී ඇති දේවාල රාජකාරිය
නොපිරිහෙළා කිසිම දේශපාලන බලයකට යටත් නොවී ඉතාමත් දියුණුවෙන් දියුණුවට
පත්වෙමින් බස්නායක නිලමේ ධුරයක් දරමින් හොඳින් කටයුතු කරගෙන යන බවයි.
දේවාලයට කැපවූ රජ කතාව එතුමාගෙන්ම අසා දැනගනිමු. සීතාවක රාජසිංහ රජුගේ
සේනාවේ කළුතොට බළකොටුව භාර සෙනවි ධුරය දැරූ සෙනවියා -රණසිංහ මුදියන්සේ” ය.
ඔහු රාජසිංහ රජුගේ විශ්වාසය දිනාගෙන සිටි ප‍්‍රබල සෙනවියෙක්ව සිට ඇත. එවකට
වනිගකුල අබේසිංහ නමින් ව්‍යවහාර වී ඇති අතර මොහු රජුගෙන් සම්මාන සහ ගෞරව
ලැබීමක් කෙරෙහි නොමනාපයෙන් සිටි පිරිසක් සීතාවක රජ වාසලේ සිට ඇති අතර නිතරම
පැසසුම් ලැබූහ. -වනිගකුල” සෙනවියාට රජු කෙරෙහි විශ්වාසය බිඳවීමට නොයෙක්
වැරැුදි තොරතුරු රජුට සපයා ඇත. ටික කලකින් රජු වනිගකුල සෙනවියා කෙරෙහි
විශ්වාසය අඩු වී පසුව අත්අඩංගුවට ගෙන හිරගෙට දමා පසුව මරණයට නියම කරන්නට
තබා ඇත.
එහෙත් මෙම රණසිංහ මුදියන්සේගේ සහෝදරයෙක් මංගෙදර මුල්ලේ පත්තිනි දේවාලයක්
කරගෙන ගොස් ඇති අතර ඔහු සහෝදරයා කෙරෙහි දුක ඇතිවී දෙවියන්ට කන්නලව් කරන්නට
පටන්ගෙන ඇත. කන්නලව්වේ ප‍්‍රතිඵලයක් ලෙස සීතාවක රාජසිංහ රජු රැුයේ
සිිිරියහන් ගබඩාවේ සැතපී නිදි සුව විඳිමින් සිටියේය. රජුට සිහිනයෙන්
දෙවියන් පෙනිණි. රතුරෙදි හැඳ කඩු පලිහ ගත් දෙවියෝ රජු සිහිනයෙන් බය කළ පසු
සිහිනය අවසානයේ රජු සැතපෙන ඇඳ කඩාගෙන රාජසිංහ රජු බිම ඇද වැටී ඇත.
රජු ඇමැතිවරු කැඳවා සිරකරගෙන සිටින සෙනවියා බලන ලෙස අණකර ඇත. සෙනවියා
නිරුපද්‍රිතව සිටියේය. එහෙත් දෑතට දෙපයට, දැමූ විලංගු ගැලවී කැබලි වී ඇත.
ඇමැතියන්ගෙන් කරුණු විමසා රජු රණසිංහ මුදියන්සේ කැඳවා සෙනවියා සතුව
හාස්කමක් ඇද්දැයි විමසූ විට එවන් හාස්කමක් නොමැති බවත් එල්ලවී ඇති චෝදනාවලට
තමන් නිර්දෝෂී බවත් ප‍්‍රකාශ කර ඇත. මංගෙදරමුල්ලේ දේවාලයේ කපුකම කරන
සොහොයුරා යාතිකා කළේ දැයි තමන් නොදන්නා බවද ප‍්‍රකාශ කර ඇත.
පසුව රජු එම දේවාලයේ කපුවා කැඳවා විමසා සිටීම අනුව තමා දෙවියන්ට කන්නලව්
කළ බවත් නිර්දෝෂී තම සොහොයුරා පත් විපත ගැන කනගාටුවෙන් එලෙස කළ බවත් කියා
සිටීම අනුව රණසිහ මුදියන්සේ නිර්දෝෂි බව වටහාගත් රජු දේව නියමය අනුව ඔහුට
අභයදානය දී ඇත. එතැන් පටන් -අභයරණසිංහ මුදියන්සේ” යන නමින් හඳුන්වා ඇත.
සොහොයුරන් දෙදෙනා ගැන පැහැදුණු සීතාවක රාජසිංහ රජු කබුළුමුල්ල දේවාලය තනා
-අභයරණසිංහ” මුදියන්සේට භාර දුන්නේය. මැදගොඩ දේවාලය තනා මංගෙදර මුල්ලේ සිටි
-රණසිංහ මුදියන්සේට” භාර දුන්නේය.
සීතාවක රාජසිංහරජු සිහිනෙන් බයව ඇඳ කඩාගෙන බිම වැටුණු බවත් එම සිරියහන්
ඇඳේ කොටස් කබුළුමුල්ල දේවාලයට පූජා කළ බවත් කියවේ. කැඞී බිදී ගිය ඇඳේ -වියල
හා බාපත” දේවාලයේ ඇත. අභයරණසිංහ මුදියන්සේ බස්නායක නිලමේ තුමා එම සිරියහන්
ඇඳේ කොටස් පෙන්වා සිටි අතර රජු විසින් පරිහරණය කරන ලද කෞතුක වස්තුව
රත්හඳුන් ලීයෙන් නිම කළ අගනා කැටයම් සහිත නිමවුමකි. -බාපතේ” වර්ණ ගන්වා
ඇති වර්ණ අදටත් පැහැදිලිව දක්නට ඇත.
වසර 430 ක් පැරණි, රජු පරිහරණය කරන ලද එම වස්තූන් රටේ නොයෙක් ආක‍්‍රමණ සහ
යටත්විජිත සමයේදී ද ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙනුවෙන් රැුකබලාගත්
අභයරණසිංහ මුදියන්සේ පරම්පරාවට ස්තූතිය පරිනැමිය යුතුය.
කබුළුමුල්ල දේවාලයේ බස්නායක නිලමේතුමාගෙන් අසා සිටියේ පිරිත් නොකියන කතාවේ
තේරුම ගැනයි. එතුමාද එය සනාථ කරමින් ප‍්‍රකාශකර සිටියේ පිරිත් කියූ නිවසක්
මේ ළඟම තිබෙන බවත් ඔවුන් නිවස අතහැර ගිය බවයි. සියළුම ආගමික කටයුතු පන්සල
සමග හොඳින් කරන බවත් මරණයකදී අවසන් කටයුතු, දානමය කටයුතු කිසිම අඩුවකින්
තොරව සිදුවෙතත් පිරිත් කීමේදී එවැනි බලවේගයක් ඇති බවයි.
දේවාලයේ බස්නායක නිලමේ මෙන්ම කපුමහතා යන ධුරයන් දෙකම දරන අභයරණසිංහ බණ්ඩාර
මහතාගෙන් සමුගෙන කන්ද උඩරටට යෑමට ඇති මාර්ගයේ එනවිට මීළඟට හමුවන්නේ කඩදොර
දේවාලයයි. කඩදොර දේවාලය ඇත්තේ කන්නන්තොට නමැති ගම්මානයේය. එම දේවාලයත්
රාජසිංහ රජු ආභාසය ලැබූ දේවාලයක් සේම විශාලතම මැණික් පත්තිනි සළඹ රජු ලබාදී
ඇත්තේ කඩදොර දේවාලයටයි. කන්නන්තොටත් පෙතන්ගොඩත් අතර පිහිටි මෙය රජ දවස
මෙන්ම අදටත් ඇළ දොළ මංමාවත් අතරින් කඳු බෑවුමකින් ගමන්කර යා යුතුය.
කඩදොර දේවාලයේ විස්තරය දැනගැනීම සඳහා දේවාලයේ බස්නායක නිලමේ සොයා යා
යුතුය. ඉඹුලාන වත්තේ ඇති වසර ගණනාවක් පැරණි ඉතාමත් අලංකාර මැදමිදුලක් සහිත
නිවසේදී ශ්‍රීලාල් අප්පො බස්නායකතුමා හමුවිය.
කඩදොර දේවාලයේ බස්නායක නිලමේ ශ්‍රීලාල් මහතා දේවාලය පෙන්වීමටත් කඩදොර ඇති
ස්ථානය පෙන්වීමටත් නොපැකිළිව ඉදිරිපත් වුණා. එතුමා පළමුවෙන්ම රත්තානගල
පෙතංගොඩ අතර කිතුල්ගස්දෙණියේ කඩදොර එතුමා පෙන්වා සිටියා. එදා රජ දවස
රජුටයි, මහ අධිකාරම්ටයි, අවසරයකින් තොරව එම කඩදොර පසුකර එහා මෙහා ගමන්කළ
හැකි බවත්, සෙසු දිසාව හෝ අවශේෂ මුලාදෑනීන් යනවා නම් තම තමන්ගේ නිලයන් අනුව
තුවක්කු පත්තුකර හක්ගෙඩිය පිඹ දැනුම්දීලා අනික් පැත්තේ අය ගෙන්වාගෙන අවසර
ගෙන ඒ හරහා ගමන්කළ යුතුය.
”අම්බලම් ඕවිටත්” දේවාලයත් අතර මෙම කිතුල්ගස්දෙණියේ කඩදොර සිට දෙවොලට
සැතපුමක් පමණ දුරක් ඇති අතර සීතාවක රාජසිංහ රජතුමා විසින් තෑගි දෙන ලද
පත්තිනි දෙවියන්ගේ විශාල මැණික් සළඹක් කඩදොර දේවාලයේ ඇති බව කියති. පෙරහර
මංගල්‍යයේදී දිය කැපීමට එය වඩම්මයි.
කඩදොර දෙවොලේ බස්නායක නිලමේතුමාගෙන් සමුගෙන යා යුත්තේ රුවන්වැල්ල ගුරුගොඩ
පසුකර අඟුරුවැල්ලට පැමිණ ගුරුගොඩ ඔයෙන් එගොඩවී පෙතන්ගොඩටය. පෙතන්ගොඩ වඩාත්ම
ප‍්‍රසිද්ධව ඇත්තේ නපුරු උණකටුව රාජසිංහ රජුගේ ඇනුණු උණපදුර නිසාය.
එමගින් තුවාල ලද රජුගේ අවසානය සිදුවූයේ එම උයනේදීය.
එහිදී රාජපුරුෂයින් වෙදෙක් ගෙනෙනා ලෙස නුවරට පණිවිඩ යවා තිබූ අතර පෙතංගොඩ
උයනේදී වෛරයෙන් සිටි සැවොම රජුට විෂ බැඳ තුවාලයට ප‍්‍රතිකාර කළ බව
ප‍්‍රකාශවෙයි. (මහා වංශයේ 59 ෙඡ්දයේ සඳහන් කර ඇත.) රජතුමාගේ තුවාලයට
වෛරකරුවන් විසින්, අශ්වබෙටි, ගවබෙටි, ඇත්බෙටි කකාරා දැමූ බවත් එයින්
පිටගැස්ම හැදී ඇති අතර පෙතංගොඩ සිට අඟුලෙන් සීතාවක දක්වා පිරිස රජු ගෙනගිය
අතර වැලිපිටියේ කිකිළි බිත්තර වැල්ලේදී රජු කටින් පෙන දමා මියගිය බවත්
ප‍්‍රකාශවෙයි.
පෙතංගොඩ උයනේදී ප‍්‍රතිකාර කිරීම සඳහා පණිවිඩ යවා පැමිණි නුවර වෙදරාළ
පෙතංගොඩ ප‍්‍රදේශයේම නතරවී ඇත. එම වෙදරාලලාගේ පරම්පරාව අද එම ගම්පියසේ
ජීවත් වෙයි. නුවර වෙදරාල සොයා යා යුතුය.
පෙතංගොඩ උයනට නුදුරේම තොරතුරු සොයා බලන විට වෙදරාලලාගේ ගුණතිලක
(ඩබ්ලිව්.ආර්. ගුණතිලක) වෙදරාල හමුවිය. වයස 72ක් වූ වෙදරාල ප‍්‍රකාශ කර
සිටියේ රජතුමාට වෙදකම් කිරීමට පැමිණ සර්ප විෂ වෙදරාලලාගේ හත්වෙනි පරම්පරාව
ඔවුන් බවයි. ගුණතිලක වෙදරාලලාගේ පියා, මුදියන්සේ නුවර වෙදරාලයි. ඔහුගේ පියා
අප්පුහාමි වෙදරාල, මුත්තා ගුණතිලක නුවර වෙදරාලයි. මෙම පරම්පරාවෙන් ගෙනා
සර්ප වෙදකම පින්තකා කරන බවත් මුදල් අයකිරීමක් නොකරන බවත් සර්පයින් දෂ්ටකර
රෝහල් ගතවූ රෝගීන්ගේ කකුල් ඉදිමීමේ රෝගය සුවකර දීමේ හැකියාව ඇති බවත් ¥ත
ලක්ෂණ බලා රෝගියා හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවත්
ප‍්‍රකාශ කරන අතර දෙබරුන් හයදෙනකු දෂ්ටකර පිස්සුවෙන් සිටි අයෙක් ඇස් අන්ධව
සිට දැන් ප‍්‍රතිකාර කිරීමෙන් පසු හොඳටම සුවය ලබාගත් බව ගුණතිලක මහතා
ප‍්‍රකාශ කරයි.
වෙදකමක් කිරීමට යන විට පරෙස්සමෙන් යන බවත් ප‍්‍රසිද්ධ නොකර රෝගියාගේ නිවසට
යන බවත් එසේ නොවුණහොත් විෂ බඳින කතාවක් කියන වෙදරාල තුන්දොස් සමනය කර
දෙහිකපා බෙහෙත් කරන බවත් සර්පයකු දෂ්ට කළ විට විෂ ශරීරගත නොවීමට ප‍්‍රතිකාර
කර රෝගියාට ප‍්‍රතිකාර කිරීමෙන් පසු ඉදිමුම් බැසීම සඳහා පුපුල කොළ, පිරිමි
ළදරුවෙකුගේ මූත‍්‍රා සමග අඹරා ගෑමෙන් ඉදිමුම බසින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
අඟුරුවැල්ල, පෙතංගොඩ, පෙතංගොඩඋයන පසුකර කන්නන්තොට, මත්තමගොඩ, අම්පේ,
කොටියාකුඹුර, අටාල, ටික්කංගල, උඩුගම පසුකර අරන්දරින් බෝගස් හන්දියෙන් දකුණට
හැරී කැකුලාවල කොටුගොඩැල්ලට පැමිණිය යුතුය.
අරන්දරින් වම්අත පැත්තට ඇති මාර්ගයේ ස්ත‍්‍රීපුර මහාවිහාරය පසුකළ පසු
මැණික්කඩවර පෘතුගීසි බළකොටුව හමුවෙයි. එම මාර්ගය වැටී ඇත්තේ දැදිගම මීරිගම
පැත්තටය. රට මැද මාර්ගයේ කන්ද උඩරට රාජධානියට ගමන් කරන විට අරන්දරින් දකුණට
ගමන් කළ යුතුය. තරමක් දුරට යන විට අරන්දර අම්බලම හමුවෙයි. මාර්ගයේ අද්දර
අම්බලම පිහිටා ඇත.
අරන්දරින් කොටුගොඩැල්ලේ පිහිටි ඉද්දමල්පානේ, සිංහල බළකොටුවේ ආධාරයෙන්
විමලධර්මසූරිය රජු (1686-1705) පෘතුග‍්‍රීසි ගැස්පාර් කොරයා සමග විශාල
සේනාවක් විනාශ කළ බව ප‍්‍රකාශ වෙයි. කොටුගොඩැල්ලේ බළකොටුවේ මේ වන විට කිසිම
සලකුණක් සොයාගැනීමට නොමැති අතර කොටුගොඩැල්ල පසුකර තරමක් දුරට යන විට
හමුවන්නේ හරිගලයි.
හරිගල පිහිටා ඇත්තේ කොටුගොඩැල්ලේ කොටුවට තරමක් නුදුරිනුයි. හරිගල නම ගමට
පටබැඳී ඇත්තේ ”එකහරිගල දෙකකිනිගම මලෙන් පහන ගම කොතනද” මෙම පද කීපය කියමින්
ඉන්දියාවේ සිට බ‍්‍රාහ්මණයින් දෙදෙනෙකු හරිගල සොයා පැමිණ ඇත.
මෙහි අරුත වන්නේ ඉද්දමල්පානේ හරිගල නමැති ගල කොතනද කියාය. පසුව ඔවුන්ට
ලාහුපනේ නමැති ස්ථානයේදී කුඩා මාර්ගයේ අද්දර ඇති ගලේ නයිපෙනයක් සහ ලාහා
කොටා තිබී හමුවී ඇත. ලාහා යනු වී මැනීමට ගන්නා උපකරණයකි. මෙම සලකුණ අනුව
ඉදිරියෙන් කුට්ටිගලක් වශයෙන් දිස්වන හරිගල හමුවී ඇති අතර ඔවුන් එහි තිබූ
වටිනා වස්තු ප‍්‍රමාණයක් ගල බිඳ රැුගෙන ඇති බවත් එවකට සිටි ග‍්‍රාමයේ
පාලකයෙක් සහ පිරිස ඔවුන් පසුපස ලූහුබැඳ ඇති බවත් බ‍්‍රාහ්මණයින් ‘වරාගං’
ස්වල්පයක් පසුපසින් එන අයවෙත විසිකර ඇති අතර ඔවුන් එම ‘වරාගං’ ඇහිදින අතරේ
බ‍්‍රාහ්මණයින් අසුපිටින් පලාගොස් ඇති බවත් කියැවේ.
මෙම සිදුවීම ලන්දේසි සමයේ සිදුවූවක් බව ප‍්‍රකාශ කරන්නේ ඉතිහාසය පිළිබඳව
උපාධිධාරී හරිගල ගමේ සමරවර්ධන විශ‍්‍රාමලත් ගුරුමාතාවයි. එතුමිය හරිගල සොයන
මගපෙන්වන්නිය වූවාය. ලාහුපනේ ගලක් මාර්ගය පුළුල් කිරීමේදී තරමක් කඩා
ඉවත්කර ඇත. සමතලා ඉඩමක් මධ්‍යයේ ඇති හරිගල වස්තුව තිබූ ගල කළයක් හා සමාන
කොටස ඇය පැහැදිලිවම පෙන්වා සිටියා. ලාහුපනේ ඒ අසලම භාවිතයේ ඇති ගමකි.
ගලේකොටා තිබූ නයිපෙනේ ලාහා ළඟම කොටා තිබූ නිසා ලාහා ූ පෙනේ ලාහුපෙනේ වශයෙන්
අද භාවිත වේ.
හරිගල පසුකර මද දුරක් ගිය පසු මංකඩක් ඇත. එය දොළපාරකින් එගොඩවීමට ඇති
ස්ථානයකි. මංකඩින් එගොඩ වූ පසු හමුවන්නේ ඉද්දමල්පාන රජමහා විහාරයයි.
ඉද්දමල්පාන දෙපස ඇති ගම්මාන වදුරදෙණියත් අමුගොඩත් හමුවේ. අමුගොඩ ගම පිළිබඳව
සමරවර්ධන ගුරුමාතාව කවියක් කියා සිටියාය.
අටිය වඩන අටුගොඩ කුරු වරකාව
නැටිය බරින් පලගත්තේ ඵලදාව
කටුවට එන බඹරු මැද කෑ ගෝසාව
කටුව රසයි අටුගොඩ කුරු වරකාව
ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ
රජතුමාගේ කාලයේ ඉදිවූවකි. රජතුමා තඹ සන්නසකින් රිදී කරඬුවක් පූජාකර ඇත.
රජමහා විහාරයට ගියත් එම රිදී කරඬුව දැකබලා ගැනීමට නොහැක. හරිගල සුමනරතන
හිමියන් ප‍්‍රකාශ කළේ 2007 වර්ෂයේ දිනක රාත‍්‍රියේදී සොර කණ්ඩායමක් පැමිණ
බෝපිටියේ ශ්‍රී සුමනරතන හිමියන් (අපවත්වී ඇත) ගැටගසා රත්රන් පිළිමය ඉල්ලා
සිටි බවත් එවැන්නක් නොමැති බව ප‍්‍රකාශ කළෙන් රිදී කරඬුව පෙන්වා එය කුමක්ද
කියා ඇසූ බවත් දහම්පාසලේ ළමයින්ගේ උත්සවයක කරඬුවක් බව ප‍්‍රකාශ කළ බවත්
පසුව රිදී පිළිමයක් සහ මුදල් පැහැරගෙන ගිය බවත් ප‍්‍රකාශ කර සිටින ලදී. එම
සිදුවීමෙන් පසු රිදී කරඬුව වැඩි ආරක්ෂාව පතා ඈත පිටිසර රජමහා විහාරයක
ආරක්ෂාවට තබා ඇති බව ප‍්‍රකාශකර සිටින ලදී.
මතු සම්බන්ධයි
උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්
රට මැද මාවතේ බළකොටු
0 comments:
Post a Comment