IP Address Classes

අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත. මෙම IP Address  Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network  සදහා එක් පංතියක්ද, මහා පරිමාන  Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට   IP Address  Classes තුනක් දකින්න පුළුවන්.

  1.  Class A: 1-126           උදා -10.50.230.23
  2.  Class B: 128-191       උදා - 172.5.2.221
  3.  Class C: 192-223       උදා - 192.168.50.10
IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට  IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network  ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID  හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරැම් ගන්න ඕන.
  • Network IDIP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන  Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී  IP Address එකක  Network ID එක නොවෙනස්ව පවතී.
  • Host ID IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.  
‍‍  ""සෑමවිටම Network එකක  IP Address  එකෙහි Network ID එක   නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ""
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment