ඉංජිනේරු තාක්ෂණවේදයේ වත්මන් හා අනාගත ප්‍රවණතා REX 12:48 PM ET , Motermacanic Edit ඉංජිනේරු තාක්ෂණවේදයේ වත්මන් හා අනාගත ප්‍රවණතා වර්තමානයේ පරිගණක ආශ්‍රිත සන්නිවේදනය ගෝලීයකරණය සඳහා ප්‍රබල දායකත්වයක් සපයා ඇත. බලශක්ති අර්බුදයකට මුහුණ දීම සඳහා සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගෙන විදුලිය සඳහා මහා පරිමාණ යෝජනා ක්‍රම ලොව පුරා ක්‍රියාත්මක වේ. මෝටර් රථ ධාවනය සඳහා මෙන්ම ජංගම උපකරණ සඳහා සූර්ය බල ශක්තිය උපයෝගී කර ගනී.විදුලිය පිරිමසින විදුලි උපකරණ නිෂ්පාදනය කිරීම තාක්ෂණයේ නව ප්‍රවනතාවයකි. LCD තිර සහිත රූපවාහිනී භාවිත කිරීම. LED පහන් නිපඳවීම. සන්නිවේදනය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයට පැමිණීම. රොබෝ තාක්ෂණය භාවිතයෙන් කර්මාන්ත සංවර්ධනය වීම. නිෂ්පාදනය සඳහා සැහැල්ලු මිශ්‍ර ලෝහ (ඩියුරැලුමින්) භාවිතයට ගැනීම, ෆයිබර් ග්ලාස්, ප්ලාස්ටික් වර්ග හා දෘඩ වීදුරු භාවිතය වර්තමානයේ පවත්නා එක්තරා ප්‍රවනතාවයකි. එසේම, පරිසර ආරක්ෂණය සඳහා සහ ඕසෝන් ස්ථරය රැකගැනීම වෙනුවෙන් ශීතකරණය සඳහා කාරක තරලය සුදුසු පරිදි වෙනස් කර ඇත. ඉංජිනේරු තාක්ෂණවේදයේ අනාගත ප්‍රවණතා ලෙස හරිත තාක්ෂණය සඳහා විවිධ පර්යේෂණ සිදු කිරීම හා අදාල නිෂ්පාදන බිහි කිරීම, මතක චිප (Memory chip) වල විශාලත්වය ක්ෂුද්‍ර මට්ටමට ගෙනයාම, මතක චිප වල ධාරිතාව අසීමිත ලෙස ඉහළ නැංවීම, පරිගණක වල වේගය ඉතා ඉහළ මට්ටමකට ගෙන යාම හා සුවිශේෂ නැනෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය වන බොහෝ භාණ්ඩ වර්ග ඇතිවීම සිදු වේ. Share on Facebook Share on Twitter Share on Google Plus About REX RELATED POSTS
0 comments:
Post a Comment