මේක IOS කියල මගුලක් මාතෘකාවට ලියල Router එක ගැන කියන්නෙ මොකද කියල දැන් හිතෙනව නේද. මේන්න මේකයි කාරණය CISCO Internetwork Operating System (IOS) කියන්නෙ CISCO Routers වල හා සමහර Switches(උදා:catlyst 2950) වල තියෙන kernel එකයි. දන්නවනෙ kernal
එක කියන්නෙ මෙහෙයුම් පද්ධතියක තියෙන ප්‍රධානම හා අත්‍යවශම අංගය කියල. ඒ
කිව්වෙ මෙහෙයුම් පද්ධතියත් දෘඩාංගත්(අපි hardware කියන්නෙත් මේවටම තමයි)
අතර සම්බන්දතාවය ඇතිකරන එක කියල. අපිට cisco IOS එකට CLI (Command Line Interface) එකක් හරහා සම්බන්ද වෙන්න පුළුවන්. දැන් තියෙන cisco ලගෙ Routers හා Switches වලට GUI (Graphical User Interface) විදියටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් අපි CCNA (640-802) විභාගය කරනවනම් CLI එක හරහා Routers හා Switches වල Configuration කිරීමටයි දැනගෙන ඉන්න ඕන. CLI එකෙන් වැඩ දාන්න ඉගෙන ගත්තට පස්සෙ GUI
එක නිකම්ම හුරුවෙනව හරියට කජු කනව වගේ. දන්නවනෙ කජු කන තත්වයට පත්කරන්න
සෑහෙන ගේමක් දෙන්න ඕන කියල.කජු කඩල ඒව කපල, සුද්ද කරල මහන්සි වෙන්න එපැයි
කජු කන්න හදාගන්න, ඊට පස්සෙ කන එක ගැන කියන්න ඕන නෑනෙ.අන්න ඒවගේ තමයි CLI එකත් පොඩ්ඩක් බර දාල ඉගෙන ගත්තට පස්සෙ GUI එක කජු කනව වගේ වෙන්නෙ. දැන් අපි බලමු මොනවද cisco IOS එකේ තියෙන වැදගත්කම්, කාර්යයන් මොනවද කියල.
- Network Protocol සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීම(Protocol හදුනාගැනීම, එක් එක් Protocol හා සම්බන්ධ වීම වනි කටයුතු)
- ජාලයන් අතර වේගයෙන් තොරතුරු හුවමාරු කලහැකි සම්බන්ධතාවයන් ගොඩනැගීම.
- අවසරයක් නොමැති සම්බන්ධතාවයන් වැලක්වීම හා ආරක්ෂාකාරී ලෙස ජාලය පවත්වාගෙන යාම.
- පහසුවෙන් Network එක පුළුල් ක්රීමට හා අනවශ්‍ය සම්බන්ධතාවයන් නැති කිරීමට පහසුකම් සැපයීම.
- ජාලයෙහි ඇති වෙනත් උපකරණ හා පහසුවෙන් හා ආරක්ෂාකාරී ලෙස සම්බන්ධ වීමට පහසුකම් සැපයීම.
අපට CLI ආකාරයට Router එකට ක්‍රම කිහිපයකින්ම සම්බන්ධ වෙන්න පුළුවන්.
- පළමු ක්‍රමය තමයි (ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමයයි) Router එකේ Console port එකත් පරිගණකයේ Com port (serial port)එකත් console cable එකක් හරහා සම්බන්ධ කිරීමෙන්.
මෙන්න CISCO original Console Cable එකක් |
මම CCNA පළමු පාඩමේ කියපු Rollover cable එකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්.Rollover cable එකේ එක පැත්තක් Router එකේ Console port එකටත් අනිත් කෙළවර පරිගණකයේ Com port (serial port)එකට පොඩි පරිවර්තකයක් (converter එකක්) පාවිච්චි කරල සම්බන්ධ කිරීමෙනුත් අපට CLI ආකාරයට Router එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
මේ ආකාර දෙකෙන් එක විදියකට Router එක හා පරිගණකය
අතර සම්බන්ධතාව ගොඩනගාගත්තට පස්සෙ අපි Hyper Terminal (Start > All
Programs > Accessories > Communication > Hyper terminal) window
එක ලබාගන්න ඕන.(Hyper terminal වලට අමතරව අපට වෙනත් third party softwares පාවිච්චි කරන්න පළුවන්) ඊට පස්සෙ Hyper Terminal එකේ එන dialog boxes වල පහත තියෙන විදියට settings හදන්න.
Connection Name එක කැමති නමක් දෙන්න
Connect using යන තැනට cable එක සම්බන්ධ port එක තෝරල දෙන්න
com properties dialog box එකේ settings මේ විදියට හදන්න.
ඔන්න ඔය විදියට settings කලාට පස්සෙ අපේ Router එකට CLI හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
අපිට Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් දෙවන ක්‍රමය තමයි Router එකේ Auxiliary port එකෙන්.මේ Auxiliary port එකම තමයි අපි භාවිතා කරන්නෙ Modem Router එකට සම්බන්ධ කරන්නත්. ඉතින් අපි dial up modem එකක් මේ port එකට සම්බන්ධ කරල Network එකෙන් පිට( out of the band)ඉදල උනත් Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට Hyper Terminal එකේ connect to window (දෙවන window) එකේ එන settings අපි Router එකට සම්බන්ධ කරපු dial up modem එකේ තියෙන settings අනුව වෙනස් කරන්න ඕන.
IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි Telnet.(Telnet ගැන වැඩි විස්තර පසුව කති කරමු) අපිට Router එකේ ඕනෑම active port එකක් හරහා Telnet අකොරයට IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්.මේකත් ඔය ගමන්ම මතන තියාගන්න SSH (Secure SHell)කියන්නෙ Router එකට Telnet ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන් ආරක්ෂිත ක්‍රමයක්(මේක protocol එකක්, මේ protocol එකෙන් network එකේ තියෙන devices දෙකක් අතර ආරක්ෂාකාරී ලෙස තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්.මේකෙ port number එක තමයි TCP port 22).
Router එක ගලවමු (Internal Component of a Router)
Router එකේ ප්‍රධාන Memory වර්ග හතරක් තියෙනව.
RAM
NVRAM
Flash
ROM
0 comments:
Post a Comment