2015 වර්ෂයේ එළිදැක්වුණු Sony සමාගමේ නවතම දුරකථන

පසුගිය දශක අතරින් අහඹු වර්ෂයක් අරගෙන බැලුවොත් ඔබට පෙනෙයි Sony ඉලෙක්ට්‍රොනික මෙන්ම ආර්ථික අංශයන්ගෙන් කෙතරම් ඉදිරියෙන් ඉන්නවාද කියා. උදාහරණයක් වශයෙන් 2013 වර්ෂයේදී Sony ලොව විශාලතම රූපවාහිනී නිපදවන්නන් අතරින් සිව්වැන්නට පත්ව තිබුණා. 2014දී විකිපීඩියාව අනුව Future Global 500, තුළ 105 වැනි ස්ථානය ලබා සිටියා. එපමණක් නොව ලොව පුරා ඔවුන්ගේ උපාංග විශාල සංඛ්‍යාවක් බෙදාහැරීම හා ශීඝ්‍ර අලෙවිය ද ආයතනයේ ප්‍රෞඪත්වය පිළිබඳ මොනවට කියා පානවා. ජංගම දුරකථන ද ඉන් එකක්. ඇන්ඩ්‍රොයිඩ් මගින් බලගැන්වුණු මොවුන්ගේ දුරකථන රැසක් ජනතාවට නව අත්දැකීම් රැසක් ලබා දුන්නා. අපි බලමු ඉන් කිහිපයක් අරගෙන ඒවා ඔබේ අවශ්‍යතාවන් කෙසේ ඉටුකරනවාදැයි කියලා.
Xperia M2 Dual
කාර්යබහුල ජීවන රටාවක් ඇති නූතන සමාජයේ එක්විටෙක කාර්යයන් රැසක් කරන්නට සිදු වෙනවා. ඉතින් ස්මාර්ට් ජංගම දුරකථන නොතිබුණානම් අපි මේ වනවිට මානසික රෝහලේ ඉන්නට තිබුණා. එකක් කාර්යාලයට සහ අනෙක පෞද්ගලික භාවිතයට ලෙස ඇතැමුන් දුරකථන 2ක් භාවිතයට ද යොමුව ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. ඒත් Sony Xperia M2 Dual මේ ප්‍රශ්ණය විසඳා තිබෙනවා. මෙහි සිම්පත් 2ක් යෙදීමට හැකි නිසා තවදුරටත් දුරකථන දෙකක් භාවිතා කරන්නට අවශ්‍ය නැහැ. මෙවන් සිත්ගන්නාසුළු දුරකථන රැසක් මෙන්ම විශේෂයෙන් Xperia මාදිලියේ දුරකථන රැසක් ශ්‍රී ලාංකේය මාර්ගගත වෙළඳසලක් වන Kaymu.lk හරහා මිළදීගත හැකියි.
Xperia M2 Dual, 27-XM2D2302WH, , Main View, V500 Main View V500
ඔබ තුළ සිටින ඡායාරූප ශිල්පියාට මෙලොව එළිය දකින්නට Xperia Camera apps බෙහෙවින් උපකාර වේවි.
Xperia Z3 LTE
බොහෝ දුරකථන LTE පහසුකම ලබා දෙන්නේ නැහැ. එහෙත් Sony Xperia Z3 LTE සමග සාර්ථකව LTE සමග අගනා තිරයක් ද ලබාදී තිබෙනවා. Xperia පවුලේ තවත් දුරකථනයක් වන මෙහි මෙගාපික්සල 20.7ක් සමග ඔබේ අතේ DSLR කැමරාවක් තිබෙනවා මෙන් හැඟීමක් ලබාදේවි. එසේ ම Audio: S-Force Front Surround, Hi-Res audio සහාය, DSEE HX සමග ඉතා හොඳ surround ශබ්ද ගුණාත්මයක් ලබාදෙනවා.
Xperia Z3 LTE, 27-XZ3D6603WH, , Main View, V500 Main View V500
අත ලිස්සන සුළු නිසා නිතර දුරකථනය අතහැරීම නිසා ඔබ ජලය කාන්දු නොවන, සිරීම් නොවන දුරකථනයක් නම් සොයන්නේ, මෙය ඔබ සඳහාම නිපැයූවක් වෙන්න පුළුවන්.
Xperia Z1 Compact
මේ Xperia Z1 compactහි IPS LCD 16M වර්ණයන්ගෙන් යුත් තිරයක් ඇති අතර අඟල් එය 4.3ක් වෙනවා. එය අතට ඉතා පහසු ප්‍රමාණයක් වන අතර සීරීම් ආදියෙන් මෙයට කිසිදු හානියක් වන්නේ නැහැ. මෙගාපික්සල 20.7ක පසුපස කැමරාවක් ද ඉදිරිපස මෙගා පික්සල 2ක කැමරාවක් ද මෙහි අඩංගුයි.
Xperia Z1 Compact, 27-XZ1D5503WH, , Main View, V500 Main View V500
Sony පවසන පරිදි Qualcomm Snapdrago 800 Quad-core 2.3 Ghz ප්‍රොසෙසරය සමග 2GB RAM ධාරිතාව ක්‍රියාකාරිත්වය අතින් දුරකථනය ඉතා ඉහළට ගෙන යනවා.  
ඔව්, දැන් හැම වැඩේටම කලින් මේ අග්‍රගණ්‍ය Sony දුරකථනයක් මිළදීගන්න අමතක කරන්න එපා.
Share on Google Plus

About Thambaru Wijesekara

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment