දත්ත සැකසුම් ජීවන චක්‍රය (Data Processing Life Cycle)

අපි හැමෝම දන්න විදියට දත්තයක් කියන්නේ මොකක්ද කියලා සරල වචනයෙන් කිව්වොත්, විධිමත් ලෙස සංවිධානය නොවු අර්ථයක් නැති අංග සමූහයක්.ඉතින් මේ විදියේ දත්තයක් වටිනාකමක් තියෙන තොරතුරක් බවට පත් කරන්න නම් පියවර කිහිපයක් අනුගමනය කරන්න ඕනේ. ඒ දත්ත සැකසුම් ජීවන චක්‍රයේ පළමු පියවර වන දත්ත එක් රැස් කිරීමේ ක්‍රම ගැන අපි මුලින්ම සලකා බලමු.

දත්ත එක් රැස් කිරීමේ ක්‍රම (Data Collection Methods)


කායික ක්‍රම සහ ස්වයංක්‍රීය ක්‍රම කියලා දත්ත එක් රැස් කිරීමේ ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා.අපි දැන් බලමු දත්ත එක් රැස් කිරීමේ කායික ක්‍රම මොනවද කියලා.කායික ක්‍රම කියන්නෙ මිනිසුන්ගේ මැදිහත් වීමෙන් දත්ත එක් රැස් කිරීමටයි.

සම්මුඛ පරීක්ෂණ, විමර්ශන සහ ප්‍රශ්නාවලීන් කියන්නේ ඒ වගේ දත්ත එක් රැස් කරන විඳි කීපයක්.සම්මුඛ පරීක්ෂණ කියන්නෙ අපි කවුරුත් දන්න විදියට පුද්ගලයින් එක් අයෙකුට වඩා කරන සාකච්ඡාවක්.එවැනි සාකච්ඡාවලින් දත්ත එක් රැස් කර ගන්න පුළුවන්.ප්‍රශ්නාවලින් වලින් දත්ත රැස් කිරීමෙදී කලින් සැකසූ ප්‍රශ්නගොනුවකට උත්තර ලබා ගන්නවා. විශ්ලේශන වලින් ලැබෙන ප්‍රථිපල මේ එක් රැස් කිරීමට අයත් වෙනවා.

හැබැයි මේ ක්‍රමයේදී දත්ත ලබාගැනීමේ අපහසුතා, විශ්ලේෂණය කිරීමේ අපහසුතා, මුද්‍රණ දෝෂ, අධික වියදම් සිදුවීම වගේ ගැටලු ඇතිවෙන්න පුළුවන්. දත්ත එක් රැස් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රම කියන්නෙ ප්‍රකාශ සලකුනු කියවනය(OMR), ප්‍රකාශ අනුලක්ෂණ කියවනය(OCR), චුම්භකිත තීන්ත අනුලක්ෂණ කියවනය(MICR), කාඩ්පත්,පටි, ලාංඡන වැනි මාර්ග වලින් දත්ත එක් රැස් කිරීමටයි.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment