අංගම්පොර සිංහල සටන් කලාව - දෙවන කොටස

ඌරා ළිදේ අංගම් කෙටීම

ඌරා වලේ අංගම් කෙටීම යනු අංගම් ශිල්පියෙකුගේ කූඨප‍්‍රාප්තියයි. අතීතයේ රජුන්ගේ අනු දැනුම මත පැවති මෙම සටන් බොහෝ විට අවසානයේ එක් අයෙකු මරණයට පත් කරමින් හෝ දෙදෙනාටම දැඩි ලෙස තුවාල ලබමිනි. රජුගේ හුදු ආශ්වාදය හා පී‍්‍රතිය පිණිස, නිලයන් උසස් වීම් පහත් වුත් අතර පවත්වන ලදී.
අංගම් සරඹ ශාලාවේ කවර ශිෂ්‍යයකු හෝ තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්, තම මන පිළිගන්නා මෙන් සිය ගුරුවරයාගෙන් හා මුහන්දිරම් ගේ ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලූමක් ඇති වූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ.
රියන් 30ක් දික්වූද රියන් 7 ගැඹුරුවුද ඌරාලිද නමින් හැඳින්වෙන එම වළ ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරුවන් නොදනිති.අතීතයේ දෙදෙනාගෙන් එන් අයෙකු මරණයට පත් වන තුරුම සටන පැවැත්වුවද පසු කාලයක සටන සිංහල පැයක් හෙවත් පෑතැටියෙන් ගණන් ගන්නා විනාඩි 24කට සීමා කරන ලදී.
මෙම සටන් වලදි කඩු මුගුරු යොදාගත් අතර සටනින් ජයගන්නාට හෝ දෙදෙනාටම රජුගෙන් තෑගි සහ ඉහල තනාන්තර පිරිනමන ලදී. (පණික්කිරාල,මුහණ්දිරම්,ගජනායක තනතුරු)
ඌරා වලේ සටනේදි සටනට පෙර සටන්කරුවන් දෙදෙනාම රාජභෝජන ආදී රාජ්‍ය ගෞරව ලැබෙන අතර, යම් ආකාරයකින් සටන අවසානයේ යම් අයෙක් මියගියහොත් සිරුර සමගම එම වල වසා දමා එම ස්ථානය යළිත් කිසිදු වැඩකට නොගත් බවට මතයක් තිබේ.

ආයුධ

ඉලංගම්පොර (armed combat)
ඉලංගම්පොර අංගම්කලාවට අයත් තවත් එක් අංගයකි.
ආයුධ සහිතව කරනු ලබන සටන් ඉලංගම් පොර ලෙස හඳුන්වයි.
අංගම් කලාව තුල ආයුධ 64ක් දැකිය හැක. මේවා සූසැට ආයුධ ලෙසින් හඳුන්වයි. ඒවා අතුරින් ප‍්‍රධාන ආයුධ වර්ග 5 ක් සඳහන් වේ. ඒවා නම්,
1. වක් ආයුධ
2. වක‍්‍ර ආයුධ
3. දික් ආයුධ
4. මොට්ට ආයුධ
5. කුංච ආයුධ ලෙස දැක්විය හැක.
මෙම වර්ග 5 අයත් ආයුධ වර්ග කිහිපයක් නම්වශයෙන් පහත දැක්වේ
කෙටි කඩුව
බර මුගුර
මන්නය
වේලායුධය
දිග කඩුව
කෙටි මුගුර
මෝල්ගස
දුන්න හා ඊතල
පාරා වළල්ල
යගදාව
හෙල්ලය
තෝමරය
සිරිය
කලාකිරිඤ්ඤය
පලිහ
කිණිස්ස
මඩුවලිගය
අංකිරිච්චිය
මුගුර
කෙටේරිය

කඩු

කඩු ශිල්පය
කඩු ශිල්පය එදා ලක තුළ විශාලවශයෙන් ව්‍යාප්තව පැවති නිසා කඩුවට සටන් වලදී ප‍්‍රධාන තැනක් හිමි විය. විවිධ නම්වලින් යුත් නානාවිධ කඩු විශාල සංඛ්‍යාවක් තිබුණ සඳහන්වේ.
කඩු සටන් ක‍්‍රම ඉලංගම් සටන් වලදී 110 ක් පමණද වැඩ වර්ග ලෙස බෙදා දැක්වීමේදී කඩු වර්ග 28 පමණ ද දැකිය හැක. මෙහි දී තනි කඩුව, කඩු දෙක,හා කඩු හතරේ හරඹය සුවිශේෂ වේ. මනා නිපුණත්වයක් සහිත කඩු සටන්කරුවෙක් හට එකවර විශාල ප‍්‍රමාණයක් හා තනිව සටන් කිරීමේ හැකියාව පවතී. කඩු හා පොලූ සටන් වලදී හිටි පිනුම්,බඩ පිනුම් හා පසු පසට ගසන පිනුම් සේම කරණම් ද භාවිත වේ.
ජනප‍්‍රවාදයට අනුව රජ සමයේ සිටි ශූර අංගම් කරුවන් සතුරාගේ හිසට ඉහළින් කරණම් ගසමින් සතුරා මරා දමා ඇත.

වේලායුධය

වේලායුධ හරඹය
ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ එතුන කඩුව හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධය, මෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇnග වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අnගලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි.
වේලායුධයේත්, තනි පටිය, පටි තුන, පටි හය ලෙස ප‍්‍රභේද පවතී. දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළගට පැමිණිමට නොහැකි වේ. වේලායුධය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමිනි. එය නිවැරදිව හැසිරවීමට නොහැකි වුවහොත් තමාටම තුවාල සිදු වීමට පුථවන.

කලා කිරිඤ්ඤයද වැදගත් ආයුධයකි. කලාකිරිඤ්ඤ එක සහ කලාකිරිඤ්ඤ දෙකේ සටන් හරඹ ද පවතී. කලාකිරිඤ්ඤය සාම්ප‍්‍රදායිකව සාදනු ලබන්නේ මී හරක් අnගක් යොදා ගනිමිනි. කලාකිරිඤ්ඤයෙන් සතුරෙකුට ගැසූ විට බොහෝ විට අස්ථි බිඳුම් වලට ලක්වන අතර පිටතින් ඇතිවන තැලීම් සුව වුවද මී හරක් අnග ඇති විෂ නිසා ඇතුළතින් පහර දෙනු ලැබූ ස්ථානය වණ වන බව කියවේ.
කිණිස්ස, අංකිරිච්චිය, හා කෙටේරිය යන ආයුධ සඳහා ද ඉලංගම් සටන් ක‍්‍රම රාශියක් පවතී. මෙම ආයුධ වලින් සතුරා පහර දෙනු ලබන විට එය වළක්වා ප‍්‍රති ප‍්‍රහාර දෙන ආකාර රාශියක් ද අංගම් සටන් කරුවන් විසින් ප‍්‍රගුණ කර ඇත. කෙටේරියෙන් පහර දීමේදී ඇති විශේෂත්වය නම් කෙටේරි පහරක් ඇnගට ඇතුථ වූ පසු එය නැවත ගලවා දැමීමේදී ශරීරයෙන් විශාල කොටසකට හානි සිදු වීමයි.
ඉලංගම් සටන් අතර මෝල්ගස දෙකෙන් කරනු ලබන හරඹ, රියනෙ මුගුරු දෙකකින් කරනු ලබන හරඹ හා රියනෙ පොලූ කෑලි දෙකකින් ද කරනු ලබන හරඹ විශාල ප‍්‍රමාණයක් ඇත.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment