වර්නියර් කැලිපරය (Vernier caliper or Sliding caliper)

වර්නියර් කැලිපරය (Vernier caliper or Sliding caliper)
සර්පන කැලිපරයක් භාවිතයෙන් ගනු ලබන මිනුම් කීපයක් පහත දැක්වේ.
1)    ඝනකාභයක දිග, පළල, උස
2)    පරීක්ෂා නලයක අභ්‍යන්තර සහ බාහිර විෂ්කම්භ
3)    සිදුරක ගැඹුර
                  ඉහත මිනුම් බාහිර මිනුම් සහ අභ්‍යන්තර මිනුම් ලෙස ප්‍රධාන කොටස් දෙවර්ගයකට බෙදිය හැකිය. මෙම මිනුම් දෙවර්ගය මැනගැනීම සදහා සර්පන කැලිපරයකට විශේෂිත අංග ඇතුලත් වේ.
ඉහත රූපයේ දැක්වෙන්නේ සර්පන කැලිපරයක වැදගත් කොටස් කීපයකි. එම එක් එක් කොටසේ ප්‍රයෝජන පහත දක්වා ඇත.
1.    පිට හනු (External Jaws)
                                    වස්තුවක බාහිර මිනුම් ලබා ගැනීම සදහා පිට හනු යොදා ගැනේ. පහත රූපයෙහි පරිදි වස්තුවේ මිනුම් ලබා ගත යුතු කොටස හනු දෙක අතරේ සකස් කරනු ලැබේ. මෙම පිට හනු දෙකෙන් එකක් අචල වන අතර අනෙක් හනුව චලනය කල හැක.

2.    ඇතුළු හනු (Internal Jaws)
           වස්තුවක අභ්‍යන්තර මිනුම් ලබා ගැනීම සදහා ඇතුළු හනු යොදා ගැනේ. මෙහිදී පහත රූපයෙහි දැක්වෙන ලෙස අභ්‍යන්තර මිනුම ලබා ගන්නා කොටස ඇතුළු හනු සමග ස්පර්ශ වන පරිදි සකස් කෙරේ. ඇතුළු හනු දෙකෙන් එකක් අචල වන අතර අනෙක චලනය කල හැකිය.

3.    කූර
      සිදුරක ගැඹුර මැන ගැනීමට කූර භාවිතා කරනු ලැබේ. මේ සදහා කූර යොදාගනු ලබන ආකාරය පහත රූපයේ දැක්වේ. කැලිපරයේ පහළ කොටසේ CD පැත්ත සිදුරේ පිටත පෘෂ්ඨයේ ස්පර්ශ වන පරිදි තබා කූරේ පහළ කෙළවර සිදුරේ පතුල සමග ස්පර්ශ වන පරිදි කූර පහත් කල යුතුය.
4.    ප්‍රධාන පරිමාණය (Main scale)
           සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී භාවිතයට ගනු ලබන කැලිපරයට ගනු ලබන කැලිපරයක ප්‍රධාන පරිමාණය මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇත. වෙනත් ඒකක වලින් ක්‍රමාංකනය කර ඇති සර්පන කැලිපරද සමහර අවස්ථාවල භාවිතා කෙරේ.
5.    වර්නියර් පරිමාණය(Vernier scale)
             සාමාන්‍යයෙන් විද්‍යාගාරයේ භාවිතයට ගනු ලබන කැලිපරයක වර්නියර් පරිමාණය සකස් කර ඇත්තේ 9 mm දිග පරිමාණයක් සමාන කොටස් 10 කට බෙදීමෙනි. මේ අනුව උපකරණයේ කුඩාම මිනුම 0.1 mm මීට වඩා වෙනස් ආකාරයට ක්‍රමාංකනය කිරීමෙන් සකස් කරන ලද කැලිපරයද නොයෙක් අවස්ථාවල භාවිත කෙරේ.
6.    සර්පණ හනුව (Sliding jaw)
             උපකරණයේ චලනය කල හැකි කොටස් අන්තර්ගත වන්නේ සර්පන හනුවටයි. මෙයට එක් ඇතුළු හනුවක්, එක් පිට හනුවක්,කූර සහ වර්නියර් පරිමාණය ඇතුලත් වේ.
7.    අචල හනුව(Fixed jaw)
              උපකරණයේ චලනය වන කොටස් අන්තර් ගත වන්නේ අචල හනුවටයි. මෙයට එක් ඇතුල් හනුවක්, එක් පිට හනුවක්සහ ප්‍රධාන පරිමාණය ඇතුල් වේ.
8.    රෝදය
            සර්පණ හනුව ප්‍රධාන පරිමාණය ඔස්සේ සර්පණය කිරීම පහසු කර ගැනීමට රෝදය යොදා ගත හැකිය.
  
 9. මුරිච්චිය
                   සර්පණ හනුව චලනය නොවන පරිදි සකස් කර ගැනීම සදහා මුරිච්චිය යොදා ගැනේ. මෙය සර්පණ හනුවේ ඉහලින් පිහිටා ඇත. 

කැලිපරයකින් මිනුම් ලබා ගැනීම
                   දෝෂ රහිත වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ සහ වර්නියර් පරිමාණයේ ශූන්‍ය සළකුණු එකිනෙක සමපාත වන විට 
    a.  පිට හනු දෙකේ ඇතුල් පැති එකිනෙක ස්පර්ශ වේ.
    b. ඇතුල් හනු දෙකේ පිට පැති එකිනෙක හා සමපාත වේ.
    c. කූරේ පහළ කෙළවර B, කැලිපරයේ පිටුපස CD පෘෂ්ඨය සමග එක්ව පවතී.
                        මෙසේ වන කැලිපරයක් මූලාංක දෝෂයකින් තොරවන අතර උපකරණය නිවැරදි වූ පාඨාංක ලබා දේ. යම් මිනුමක් සදහා පාඨාංකය ලබා ගනුයේ එම අවස්ථාවේ දී වර්නියර් පරිමාණයේ ශූන්‍ය සළකුණ පිහිටි ස්ථානයට අදාල පාඨාංකය කියවීමෙනි.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. හොඳින් හදුන්වා දුන්නා.ස්තුතියි .

    ReplyDelete
  2. මටත් හොදට තේරුණා. හෙට ඉස්කෝලේ exam 😂😂😂

    ReplyDelete
  3. Thank you for giving this great article

    ReplyDelete