මෝටර් වාහනයක පද්ධති හා ප්‍රධාන කොටස් (Main Components and systems of a motor vehicle)

මෝටර් රථයක ක්‍රියාකාරීත්වයට දායක වන අවයව/පද්ධති
 වාහනයක ප්‍රධාන පද්ධති
(Main system of a vehicle)
එන්ජිම(Engine)

සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission System)

සුක්කානම් පද්ධතිය (Steering System)

රෝධක පද්ධතිය (Break System)

අවලම්බන පද්ධතිය (Suspension System)

සැකිල්ල (Frame)

පණගැන්වීමේ පද්ධතිය (Starting system)

ආරෝපණ පද්ධතිය (charging system)

පහන් පද්ධතිය (Lighting System)

බොඩිය (Body System)

එන්ජිමේ උප පද්ධති
Sub system of the Engine
සිසිලන පද්ධතිය (Cooling System)

ස්නේහන පද්ධතිය (Lubrication System)

ජ්වලන පද්ධතිය (Ignition System)

ඉන්ධන පද්ධතිය (Fuel System)
එන්ජිම(Engine)

වාහනය ධාවනය වීම සඳහා යාන්ත්‍රික ශක්තිය නිපදවීම එන්ජිමේ ප්‍රධාන කාර්යය වේ.

එන්ජිමට සපයන ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිම තුලදීම දහනය කරන බැවින් මෙය අභ්‍යන්තර දහන එන්ජිම ලෙස හැඳින්වේ.

එන්ජිම තුලදී ඉන්ධන වල ඇති රසායනික ශක්තිය තාප ශක්තිය බවට පෙරලේ.

භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව මෙය පෙට්‍රල් එන්ජිම හා ඩීසල් එන්ජිම ලෙස වර්ග දෙකකට බෙදේ.
එන්ජිමක ප්‍රධාන කොටස්
සිලින්ඩරය (Cylinder)

පිස්ටනය (Piston)

දඟර කඳ (Crank shaft)

පිස්ටන අත (Connecting rod)

වෑල්ව (Valves)

කැමි දණ්ඩ (Cam shaft)


මෝටර් රථයක ආරක්ෂාව සදහා භාවිතා කර ඇති කොටස්
1)    තිරිංග ( Brake)
2)    වාහනයේ බද
3)    ආරක්ෂක පටි (Seat Belt)
4)    වායු බැලුන් (Air Baloons)
5)    විදුලි පහන්
6)    හදිසි දොර
7)    දොරටු අගුලු ලෑම
8)    පැති කණ්ණාඩි
9)    වා මුවාව (Wind screen)
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

1 comments: