5G තාක්ෂණය සාර්ථකව අත්හදා බලෙයි

5G තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමෙරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයො පිරිසක් සමත්ව සිටින බව වාර්තාවේ. තත්පරයක් තුල 1TB ක වේගයෙන් දත්ත හුවමාරුකලහැකි බවද වාර්තාවේ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් පමන භාගත කරගැනීමට වැයවන කාලය තත්පර 3ක් පමණ වන බවයි. මෙය 4G තාක්ෂණයට වඩා 65 වාරයක් වැඩි වේගයකි. 2018 පමණ වන විට ලෝකයේ දියුණු රට වලත් 2020 පමණ වන විට ලෝකයේ බොහෝ රටවලත් මෙම තාක්ෂණය භාවිතයට පැමිනෙනු ඇතැයි අපේක්ෂිතය.

1980 දුරකතන සන්නිවේදනය තාක්ෂණය ඇතිවීමත් සමඟ සෑම වසර දහයක් පාගේම වගේ එහි කපීපෙනෙන වෙනස්කමක් සිදුවී තිබේ. දශකයකට පසු දියුණුව එන මෙම අලුත් තාක්ෂණය, එක් පරම්පරාවක්(generation) සේ සලකයි.
ඒ අනුව 1981 දී හදුන්වාදුන් ඇනලොග් සෙලියුලර් තාක්ෂණය (Analog Cellular Network) පළමු පරම්පරාවයි. එය 1G ලෙසද හදුන්වයි.

1992 දී හදුන්වාදුන් ඩිජිටල් සෙලියුලර් තාක්ෂණය (Digital Cellular Network) දෙවැනි පරම්පරාවයි. එය 2G ලෙස හදුන්වයි.

2001 සිට තුන්වැනි පරම් පරාව භාවිතයට පමිණි අතර එහි භාවිතාකරනු ලබුවේ IP Data Network තාක්ෂණයයි. එය 3G ලෙස හදින්විය.

දැන් භාවිතා කරන අලුත්ම තාක්ෂණය හතරවැනි පරම්පරාවේ සේලියුලර් තාක්ෂණයයි. එය 4G (4G-LTE) ලෙස හදුන්වයි. මෙම තාක්ෂණය 2011 දී හදුන්වාදුනි.

ඔන්න මම පහලින් දැම්ම 1G ඉදන් 5G ට එනකන් සිදුවුනු දත්ත හුවමාරු වේගයේ වෙනස හා ඒ වර්ෂ ටික දැම්ම

මෙම වාර්තාව 2015.03.09 දින සාදන ලදී

.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment