විනාඩියෙන් IP එක මාරු කරල Blok කරපු WEB Site වලට යමු...

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්නෙ කිසිම මෘදුකාංගයක් පාවිච්චි නොකර බ්ලොක් කරල තියෙන වෙබ් සයිට් වලට යන්න පුලුව
න් විදිහට අපේ IP ලිපිනය මාරුකරගන්න විදිහයි. මේ වැඩේට විනාඩියක්වත් යන්නෙ නෑ. ඒක නිසා ඕනි වෙලාවට IP එක මාරු කරල, අනිත් වෙලාවට සාමාන්‍ය IP එකම පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි ඉතින් මම අද කියාදෙන්නෙ firefox පාවිච්චි කරල මේ වැඩේ කරන විදිහ විතරයි.

වැඩේට බහින්න කලින්ම මම ඔයාලට කියන්නම්කෝ අපේ දැනට තියෙන අයිපී ලිපිනය බලාගන්නේ කොහොමද කියලා. ඔයාල මුලින්ම www.google.com එකට ගිහින් What is My Ip? කියල Type කරලා Search කරන්නකෝ. එතකොට ඔයාලගේ අයිපීඑක එතන පෙන්නනවා.


හරි අපි එහෙනම් වැඩේට බහිමු....

මුලින්ම ඔයාල firefox වෙබ් බ්‍රවුසර් එක open කරගන්නකෝ.

දැන් බ්‍රවුසර් එකේ මෙනු එකේ "Options" කියන ටූල් එක ඕපන් කරගන්න. දැන් ඔයාලට පේනව ඇතිනෙ ඒකෙ තියෙනව "Advanced" කියල ටූල් එකක්. එක Click කරන්නකෝ ( 1 රූපයේ ලකුනුකර ඇති 1 වන ස්ථානය) . එතන තියෙනව "Network" කියල බටන් එකක්. එක Click කරන්නකෝ ( 1 රූපයේ ලකුනුකර ඇති 2 වන ස්ථානය ).
(1) රූපය

දැන් එතන තියෙන "Connection" යටතේ තියෙන Setting බටන් එක Click කරන්න. ( 1 රූපයේ ලකුනුකර ඇති 3 වන ස්ථානය )


ඔයාලට පේනව ඇතිනෙ එතන select වෙලා තියෙන්නේ No Proxy කියන එක.
(2) රූපය



Manual Proxy Configuration කියන එක තෝරන්න. ( 3 රූපයේ ලකුනුකර ඇති 4 ස්තානය බලන්න )
(3) රූපය



හරි...! දැන් තමයි අපි අයිපී එක මාරුකරගන්න හදන්නේ.
(4) රූපය



4 රූපයේ විදිහට HTTP Proxy කියන තැනට ඔයා කමති IP එකක් ලබාදෙන්න. මගේ පරිගණකයේ භාවිතාවන්නේ IPv4 නිසා මම ඒ විදිහට ගැලපෙන අයිපී එකක් දාගන්නවා ( 4 රූපයේ ලකුනුකර ඇති 5 ස්ථානය බලන්න ). [ IPv4 සඳහා උදාහරණ ලෙස 174.140.167.118 ත්, IPv6 සඳහා උදාහරණ ලෙස 152.176.61.01.2.0 ත් ගත හැකිය ] 
ඊට පස්සෙ අන්ක 4 ක Port එකකුත් දෙන්නකෝ ( 4 රූපයේ ලකුනුකර ඇති 6 ස්ථානය බලන්න ).
 Pemote DNS කියන තැනට හරියත් දාන්න ( 4 රූපයේ ලකුනුකර ඇති 7 ස්ථානය බලන්න ).

දැන් Ok කරන්න.

ඉන්පසු පිවිසෙන්නේ Options කියන තැනටයි. එකෙත් Ok එක Click කරන්න. (5රූපය)
(5) රූපය

 හරි..
ඔන්න අපි අයිපී එක මාරු කරල ඉවරයි.
දැන් තියෙන අලුත්ම අයිපීඑක බලාගන්න ඕනිනම් මම පළමුව කීව විදිහට What is my ip? කියල www.google.com එකෙ search කරල බලන්න.



ඔයාලට පේනව ඇති අපි ලබාදුන්න IP එක තමයි දැනට අපේ පරිගණකයේ තිබෙන FireFox වෙබ් බ්‍රවුසර් එකතුල භාවිතාවන්නේ.

හරි එහෙනම් ඔයාලට බුදු සරණයි...! 
මම තවත් මේ වගේ ලිපියකින් ඔයාලව හමුවට එන්නම්. ඔයාලගේ ප්‍රශ්ණ එහෙම පහලින් Comment කරන්න.
මගේ වැරදි තියෙනවනම් ඒවත්, අපේ පේජ් එක ගැනත් පහලින් Comment කරන්න අමතක කරන්න එපා.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment