csv file කියන්නෙ මොනාද? ඒවයින් මොකද කරන්නෙ?

csv කියන්නෙ දත්ත ගබඩා කිරීමට යොදාගන්නා file ෆෝමැට් එකකි. csv කියන්නේ Comma Separated Values ය. දත්ත රැසක් මූලික දත්ත සමුදා ස්වරූපයකින් (Basic Database format) ගබඩා කිරීම මෙහිදී සිදුවේ. බොහෝ වෙබ් අඩවි තුළ දත්ත ලැයිස්තු ගබඩාකර ඇත්තේ මෙම ක්‍රමයටයි.මෙහි ඇති විශේෂම වාසියනම් ඔනෑම ටෙක්ස්ට් එඩිටර් එකක් හරහා මෙම ෆෝමැට් එකෙන් යුත් ෆ්යිල් විවෘත්ත කරගත් හැකි වීමයි. තවද පරිගණක වැඩසටහන් සඳහා ඉන්පුට් ලෙසද මෙම ගොනු භාවිතා කළ හැක. csv එකක් සාදාගනීම සඳහා එක්සෙල් වැනි ස්ප්‍රෙඩ්ෂීට් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය. මෙහි දත්ත ඇතුලුකොට Save කරන File type එක ලෙස csv යන්න තේරීමෙන් cvs file එකක් සාදාගත හැකිය

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment