වසර 60,000ට පෙර ලිප ගිනි මොළවලා

ස්පාඤ්ඤයේ කැටලෝනියා පෙදෙසේ ගුහාවකින් සොයා ගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව අදින් වසර 60,000ට පමණ පෙර විසූ මානවයන් තමන් ජීවත් වූ ගල් ගුහා වඩාත් සංවිධානාත්මකව භාවිතා කැර ඇති බවට සාධක හමුවෙයි.
ගුහාවේ එක් පසෙක ලිප් ඇති බවත් වඩාත් ඇතුලත කොටසේ බෙදා වෙන්කැරගත් ස්ථානයන්හි පවුල් වශයෙන් ඔවුන් ජීවත්ව ඇති බවටත් සාධක හමුවී ඇත.
මෙහි විසූ  මානවයන් සමෙන් සාදාගන්නා ලද භාජනවල හෝ ගස් තැටිවල දමා ආහාර පිසින්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.
පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ආදි මානවයන් නිදා ගැනීම පිනිස කාමර පාවිච්චි කිරීම පළමු වරට සාක්ෂි සහිතව කැටලෝනියා ගුහාවෙන් හමුවන බවයි.
ගුහාවේදි හමුවු අනෙක් මෙවලම් වලින් පෙනෙන්නේ ආදිතම මානවයන් ගුහාවේ විවිධ කොටස් විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවයි.  එනම් මස් කැපීමට, ආයුධ තැනීමට සහ කුණු කසල පිටතට දැමීමට යොදාගෙන තිබු බවයි.
Nethandals 1 Nethandals 2
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment