පරිගණක පද්ධතියක මූලික සංරචක (Basic Components of a Computer System)

පරිගණක පද්ධතියක් සැලකීමේදී එහි මූලික සංරචක 4ක් හඳුනා ගත හැකි වේ. එවා නම්
1.      දෘඩාංග (Hardware)  
  පරිගණක පද්දතියක භෞතික කොටස් දෘඩාංග ලෙස හැදින්වේ.
2.      මෘදුකාංග (Software) 
    පරිගණක පද්දතියකට යම් කාර්යයක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස හැදින්වේ.
3.      ස්ථීරාංග (Firmware) 
    පසුකාලීනව වෙනස් කළ නොහැකි නමුත් කියවීමට පමණක් හැකිවන ලෙස පරිගණක දෘඩාංග තුළ තැනපත් කරන ක්‍රමලේඛ වේ. මේවා පරිගණකයේ සමාරම්භය සඳහා අවශ්‍ය වේ.
4.      ජීවාංග (Liveware) 
    යම් අවස්ථාවකදී පරිගණකය පරිශීලනය කරන පුද්ගලයා එම අවස්ථාවේදී එම පරිගණක පද්ධතියේ ජීවාංගය ලෙස හැදින්වේ.

පින්තූරය – පරිගණක පද්ධතියක මූලික සංරචක
 
  සටහන: දත්ත හා තොරතුරු පරිගණක පද්ධතියට අයත් නොවන අතර පරිගණක පද්ධතියට දත්ත ලබා දී තොරතුරු බවට පරිවර්තනය කර ගනී. 
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment