උපදේශක කේත ( html , head , title , body )

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට  HTML පාඩම අරන් ආව. ඔයාලට මම ගිය පාර පාඩමෙන් කියාදුන්නනේ Html පේජ් එකක් Save කරගන්න විදිහ.  මම හිතනව ඒ ක්‍රමය මතක ඇති කියල. මතක නැත්නම් ආයම බලන්නකො. හරි එහෙනම් අද අපි සරලම html පේජ් එකක් හදාගන්න විදිහ බලමු. ඒ වගේම ටැග් ටිකත් අපි අද ඉගෙන ගමුකො.

ඉස්සෙල්ලම මම Tag වලින් පටන් ගන්නම් මොකද නැත්නම් ඔයගොල්ලො මට කියයි මේව කියල දුන්නෙ නෑනෙ කියලා.

(මගේ පාඩමේ වැරදි තියෙනවනම් ඒව කමේන්ට් කරන්න. ඒ වගේම ඔයාලගෙ අදහසුත් දාලම යන්න යාලුවනේ. )

 

එච්ටීඑම්එල් උපදේශක කේත ( html tags )

සෑම HTML උපදේශක කේතයක්ම අනිවාර්යයෙන්ම " < " සහ " > " යන ලකුණු අතරේ පිහිටවිය යුතුයි කියල මම ඔයාලට මුලින්ම කීව මතක ඇතිනෙ. හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ ලකුණු අතුලෙ ලියන උපදේශක කේත ගැනයි. මෙතන දාන කේත ගැන මම ඉදිරියේදි ඔයාලට වඩාත් හොදින් කියල දෙනව.


HTML ගොනුවක මූලික Tags

<HTML> 

මෙම උපදේශක කේතය මගින්  HTML ගොනුව නිරූපනය කරන අතර මෙය යෙදීම අනිවාර්යය වේ. මෙය නොයොදා HTML පිටුවක් සෑදිය හැකි උවද එය විවෘත්ත කිරීමේදී හා එය හෝස්ට් කිරීමේදී විවිද ගැටලු ඇතිවිය හැක.තවද මෙම වෙබ් පිටුව Hypertext Markup Language වලට අනුව සෑදූ  වෙබ් පිටුවක් බව හදුනා ගැනීම සඳහා ද මෙම උපදේශකය උදවුවේ. මෙම Tag එක <HTML> මගින් පිටුව මුලින්ම විවෘත්ත වන අතර එය පිටුව අවසානයෙන් වසාදැමිය යුතුවේ. ඒ සදහා </HTML> Tag භාවිතා වේ.

උදාහරණ:


<html> <!-- මෙතනින් ආරම්භ කර ඇත. -->
      <head>
            <title> Site title </title>
      </head>
   <body>
         Welcome To My Site !
   </body>
</html> <!-- මෙතනින් අවසන් කර ඇත. -->

 

<HEAD>

මෙම උපදේශ කේතය මගින් HTML ගොනුවක ශීර්ෂය නිරූපනය කෙරේ.මෙම <HEAD> උපදේශ කේතයද පළමු ව විවෘත්ත කර පසුව වසා දැමිය යුතුය. මෙම Tag එක තුල බොහෝදුරට <TITLE> , <META> , <STYLE> , <SCRIPT> වැනි Tag අන්තර්ගත කිරීම සඳහා භාවිතා කෙරේ.


උදාහරණ:


<html> 
      <head> <!-- මෙතනින් ආරම්භ කර ඇත. -->
            <title> Site title </title>
      </head> <!-- මෙතනින් අවසන් කර ඇත. -->
  <body>
       Welcome To My Site !
  </body>
</html> 


<TITLE>

Title කීවම කවුරුත් දන්නවනේ මාතෘකාවක් කියල. මෙතනදිත් TITLE කියන්නෙ මාතෘකාවටම තමා. මෙතනට යොදන මාතෘකාව වෙබ් බ්‍රවුසර් එකේ ඉහලින් Tab එකේ නම විදිහට භාවිත වේ.මෙම උපදේශ කේතය බොහෝවිට යොදනු ලබන්නේ <HEAD> උපදේශ කේතය තුලය.

උදාහරණ:


<html> 
     <head> 
           <title> Site title </title>
     </head> 
  <body>
      Welcome To My Site !
  </body>
</html> 


<BODY>

මෙම tag එක තුල තමා පිටුවේ පෙන්විය යුතු දෑ ලියනු ලබන්නෙ. ප්‍රධානතම තොරතුරු අති කොටස ලෙසද මෙම කොටස හැදින්විය හැකිය. වෙබ් පිටුව තුල පෙන්විය යුතු රූප, අක්ෂර අතුලත් කරනුයේ මෙම කොටසටය. රූප වැනිදෑ මේ තුල පෙන්වීමට විවිධ tag භාවිතා කරමින් කේත ලිවීම මෙ තුල සිදු කල හැක. අපි ඉදිරියේදී <BODY> තුල අතුලත් කරන tag මොනාද කියල පිලිවෙලින් ඉගෙනගනිමු.

උදාහරණ:


<html> 
     <head> 
           <title> Site title </title>
     </head> 
  <body> <!-- මෙතනින් ආරම්භ කර ඇත. -->
       
        <H1> Welcome To My Site ! </H1>
             <p> Click Hire next </p> 
 
  </body> <!-- මෙතනින් අවසන් කර ඇත. -->
</html> 

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment