සිලින්ඩර පිහිටීම අනුව එන්ජින් වර්ග කීපයකි.

සිලින්ඩර පිහිටීම අනුව එන්ජින් වර්ග කීපයකි.
1)  ‍කෙලි එන්ජින් (Inline)
          එන්ජිමේ සිලින්ඩර සියල්ලම එක එල්ලෙම පිහිටන ලෙස පවතින එන්ජින් එකෙලි එන්ජින් ලෙස හදුන්වයි.

2)  ප්‍රතිමුඛ එන්ජින් (Opposed cylinder engine)
මෙම ආකාරයේ දී සිලින්ඩර වලට මැදින් දගර කද පිහිටන අතර එන්ජිමේ ප්‍රමාණය කුඩා වේ. 
දගර කදේ දිග අඩුවේ.

3) V වර්ගයේ එන්ජින්
V අකුරේ හැඩයට සිලින්ඩර පිහිටන පරිදි නිර්මාණය කර 
ඇති එන්ජින් V ආකාරයේ එන්ජින් ලෙස හැදින්වේ. මේවායේ ප්‍රමාණය සාමාන්‍යයෙන් කුඩා වේ.
මෙවැනි එන්ජිමක සිලින්ඩර අතර කෝණය අංශක 60 සිට අංශක 120 දක්වා පරාසයක් ගනී.




4) VR වර්ගයේ එන්ජින්

මෙවැනි එන්ජින් Inline හෝ V ආකාරය යන දෙකම 
නොවන අතර ඊට අතර මැදි ආකාරයට සිලින්ඩර පිහිටා ඇත. 
මෙවැනි එන්ජින් මගින් කුඩා ප්‍රමාණයක විශාල සිලින්ඩර
 ප්‍රමාණයක් පිහිටුවා ගත හැක. එමනිසා එන්ජිමේ ප්‍රමාණය කුඩා කර ඇත. 
මේවායේ පිස්ටන් අතර කෝණය අංශක 15 පමණ වේ.


 


 
  5)  W වර්ගයේ එන්ජින්
සිලින්ඩර W අකුරේ හැඩයට පිහිටන එන්ජින් වේ. මෙවැනි එන්ජිමක ප්‍රමාණය කුඩා වේ.


 
6)  V-VR වර්ගයේ එන්ජින් 

V හැඩයට සිලින්ඩර පිහිටන අතර 
සිලින්ඩරවල පිහිටීම VR ආකාරයට ඇත.
 
7)  වෘත්තාකාර එන්ජින්

තරුවක හැඩයට සිලින්ඩර පිහිටන පරිදි මෙය නිර්මාණය කර ඇත.
 සිලින්ඩර ගණන සමග සැසදීමේ දී එන්ජිමේ බර ඉතා අඩුය. බහුල වශයෙන් ගුවන් යානාවල භාවිතා වේ.

 


 










  
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. දැනුවත් කිරීම ගැන ස්තුතියි .

    ReplyDelete