වයිරස් එකක් හදාගෙන වයිරස්ගාඩ් එක හොදින් වැඩද බලමු


ඔන්න ඔයාලට මම අද කියන දේටනම් ඔයාල හුගක් කැමතිවෙයි. ඔයගේ පරිගණ්කයේ ඉන්ස්ට්‍රෝල් කරල තියේන ඇන්ටිව්යිරස් වැඩසටහන හරියට වයිරස් හොයනවද කියල සමහරවිට  ඔයා තාමත් දන්නෙ නැතිවඇති. මම මේ පෝස්ට් එකෙන් ඔයලට කියාදෙන්න හදන්නේ ව්යිරස්ගාඩ් එක හරියට වැඩද බලන්න පොඩි වයිරස් එකක් හදන විදිහ. මේ වයිරස් එකෙන් පරිගණකයට කිසිම අවුලක් වෙන්නෙ නෑ. වයිරස්ගාඩ් එක වැඩද බලන එක විතරයි වෙන්නේ.


හරි අපි වැඩේට බහිමු එහෙනම්.
ඉස්සෙල්ලාම  NotePad විවෘත කරගන්න. දැන් ඒ තුල මෙන්න මෙ පහලින් තියෙන Code එක copy /paste කරගන්නකෝ

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$ELCAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


 දැන් Save As ගිහින් Save කරන්න ඕනි තැන තෝරන්න. දැන් පහලින් ඇති File Name යනතැන mufile.com යන්න ලබාදී File Type යන තැන All file කියල තෝරන්න. දැන් Save කරගන්න.       දැන් මේ සේව් කරගත්ත ෆයිල් එක වයිරස්ගාඩ් එකෙන් ස්කෑන් කරන විට එය වයිරස් එකක් විදිහට පෙන්වනවනම් එම වයිරස් ගාඩ් එක නිවරදිව ක්‍රියා කරන්නකි.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment