සඳුදා ෆේස්බුක් ආවනම් ඔබත් නොදැනීම වාර්තාවක් තියලා

ලොව පුරා කෝටි 100 ක් ජනතාව පසුගිය සඳුදා දිනය තුළ ෆේස් බුක් සමාජ ජාලය හරහා සන්නිවේදනයට එක්වූ බව ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. 

එය ලෝක ජනගහනයෙන් 7 න් 1 කට ආසන්න ප්‍රමාණයක්. ෆේස් බුක් හරහා මාසයක් තුළ සන්නිවේදනයට එක්වන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව කෝටි 150 ක් පමණ වන නමුදු දිනක් තුළ කෝටි 100 ක් ඊට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. 

ෆේස් බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කෝටි 100 බවට පත්වූයේ 2012 වසරේදීයි. මාර්ක් සකර්බර්ග්, ෆේස් බුක් සමාජ සන්නිවේදන ජාලය 2004 වසරේදී බිහිකළේ ඇමෙරිකාවේ හාවඞ් සරසවියේ ශිෂ්‍යයෙකු ලෙස සිටින කාලයේදීයි.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment