පෙට්‍රල් මෝටර් රථවල භාවිතා වන ඉන්ධන සැපයුම් පද්ධතිය

පෙට්‍රල් මෝටර් රථවල භාවිතා වන ඉන්ධන සැපයුම් පද්ධතිය

01)  ඉන්ධන ටැංකිය

02) පෝෂක පොම්පය :-

                         ඉන්ධන ටැංකිය තුල ඇති ඉන්ධන එන්ජිම කරා ගෙන ඒමේ කාර්්‍යය පහසු කර වීම සදහා පෝෂක පොම්පය භාවිතා කරයි.

03) පෙරහන්(Filter):-

                         ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය පෙරීමේ ක්‍රියාවලිය මෙම කොටස තුල සිදුවේ.

04) කාබියුලේටරය:-

                          එන්ජිමට අවශ්‍ය පරිදි ඉන්ධන ලබා දීම හා ඉන්ධන දහනයට අවශ්‍ය දහන පෝෂකය(වායුව) නිසි ආකාරයෙන් මිශ්‍රකර එන්ජිමට සැපයීම.


                

                  එන්ජිමේ සිලින්ඩරය තුල පිෂ්ටනය පහලට ගමන් කරන විට එන්ජින් හිස හා පිෂ්ටනයේ ඉහල පෘෂ්ටයේ අතර අඩු පීඩන තත්ත්වයක් ඇතිවේ. එම අඩු පීඩන තත්ත්වය නැති කිරීමට බාහිරින් වායු ධාරාවක් ඇද ගනී.මෙසේ ඇද ගන්නා වාතය වැඩි වේගයකින් කාබියුලේටර වෙන්චූරිය හරහා ගමන් කරයි.එවිට එම ස්ථානයේ අඩු පීඩන තත්ත්වයක් ඇති වේ. (බර්නූලී නියමය)  එම නිසා ඉපිල් කුටීරයේ ඇති ඉන්ධන වෙන්චූරිය වෙත ඇදී යයි. එසේ ඇදී එන ඉන්ධන වායුව සමග මිශ්‍ර වී ඉන්ධන වායු මිශ්‍රණයක් ලෙස සිලින්ඩරය තුලට ගමන් කරයි.

*කූරු වෑල්වයේ වැදගත්කම:-

                          කාබියුලේටරයට ඉන්ධන ලබා ගැනීම පාලනය කරයි.

*ඉපිල්ලේ වැදගත්කම:-

                          කාබියුලේටරයට ඉන්ධන සැපයීම පාලනය කරනු ලබන්නේ කූරු වෑල්වය පාලනය කිරීමෙනි.

කාබියුලේටරයක සරළ දෝෂ

·       කූරු වෑල්වය සිරවීම

·       ප්‍රධාන චංචුවේ අප ද්‍රව්‍ය හිරවීම.

·       ඉපිලි කුටීරය තුල ජලය එකතු වීම.

·       කාබියුලේටරය හරහා වාතය සපයන වායු පිරිසිදු කරණය(Airfilter) නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම.

·       ඉද්ද හා අවකර වෑල්වය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම.

පෙට්‍රල්වල භෞතික ගුණ

විශිෂ්ට ගුරුත්වය(සාපේක්ෂ ඝනත්වය)

                        පෙට්‍රල්වල ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදූ විට ලැබෙනුයේ පෙට්‍රල්වල විශිෂ්ට ගුරුත්වයයි.

පෙට්‍රල්වල විශිෂ්ට ගුරුත්වය = පෙට්‍රල්වල ඝනත්වය/ජලයේ ඝනත්වය

    ඝනත්වය

   කිසියම් ද්‍රව්‍යක  1m3 ක පරිමාවක ස්කන්ධය ඝනත්වය ලෙස හැදින්වේ.

                        ජලය= 1000kgm-3 

                පොල්තෙල්= 800kgm-3

      ඝනත්වය= ස්කන්ධය/පරිමාව

පෙට්‍රල්වල තාපාංකය

සංශුද්ධ ද්‍රව පෙට්‍රල් වාෂ්පවන උෂ්ණත්වය පෙට්‍රල්වල තාපාංකය ලෙස හැදින්වේ.

පෙට්‍රල්වල ජ්වලන උෂ්ණත්වය

සංශුද්ධ පෙට්‍රල් දහනය වන උෂ්ණත්වය පෙට්‍රල්වල ජ්වලන උෂ්ණත්වය වේ.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. දැනුවත් කිරීම ඉතා හොඳින් සිදු කිරීම ගැන ස්තුතියි .

    ReplyDelete