
මෙය කුඩා නිර්මාණයක් නොවේ. මෙම නිර්මාණය කිරීමට ගල් ටොන් ලක්ෂ 400 000 ක් පමණ හාරා ඉවත් කිරීමට සිදුවන නිර්මාණයකි. මෙය නිකම්ම ගලක් හාරා සිදුකල නිර්මාණයක්ද නොවේ. මෙහි අපූර්ව මන බදින කැටයම් දහස් ගාණක්ද මූර්ති නිර්මාණ දහස්ගාණක්ද ඇතුලත්ය. ක්‍රිස්තු වර්ෂ 757 සහ 783 යන කාලය අතරදී මෙම නිර්මාණය සිදුකර අවසන් බව සදහන් වේ. නමුත් පුදුමය වන්නේ මෙම නිර්මාණය අවුරුදු 25 කින් සිදුකල හැකිද යන්නයි.
මේ මහා නිර්මාණය සිදුවන්නේ මිනිසුන් ඉතාම නොදියුණු කාලයකය. මේ කාලයේ මහා විශාල යන්ත්‍ර කිසිවක් නොතිබුනි. එමෙන්ම අධි තාක්ෂණික හහෑරීම් යන්ත්රද නොතිබුනි. කෙසේ නමුත් මෙම නිර්මාණය අධි තාක්ෂණික සහ සූක්ෂම ආකාරයෙන් සිදුකර ඇත. මෙහි ගණිතමය මිනුම් 100% ක් නිවැරදිය. සියළු ජාමිතික නිර්මාණ ඉතාම නිවැරදිය. පර්යේෂකයන් පවසන ආකාරයට අද පවතින තාක්ෂණය අනුව මෙවන් නිර්මාණයක් කිරීමට ආසන්න ලෙසින් වසර 25 කට වඩා කාලයක් ගත වේ. එසේ වද්දී මේ නිර්මාණය වසර 25 කින් සිදුකලා යන්න විශාල අභිරහසකි.
මෙහි වැදගත්ම කාරනය වන්නේ රාවන මහ රජුන් මෙයට සම්බන්ධ වීමයි. හේ හා සම්බන්ධ විශාල ගල් නිර්මාණ රැසක් ලෝකයෙන් හමුවන අතර මේ සියළුම ගල් නිර්මණ සමගින් ගුවනින් ආ සිංහයකුගේ සම්බන්ධයක් ඇත. මෙහිද ඒ හා සමාන ඊටත් ප්‍රභල රාවණ මතයක් ඇත. ඉංදීය පැරණි කථා අනුව මෙය රාවණ ගේ නිර්මාණයකි. කෙසේ නමුත් පැරණි රාවණ සිටි කාලයන් සමගින් බලන විටදී මෙය එතරම් සත්‍ය වශයෙන් පිලිගත නොහැක. රාවණ රජු රජ කල බවට සාක්ෂි ලැබෙන්නේ වස 4000 - 6000 අතර පෙර කාලයේදීය.
මෙම නිර්මාණය සහිත ප්‍රදේශය එල්ලොරා ලෙසින් හදුන්වන අතර මේ සියළු නිර්මාණ එල්ලොරා නිර්මාණ ලෙසින් හදුන්වයි. මෙහි ගුහා 34 ක් ඇත ඉන් පළවන ගුහාවේ සිට 12 වන ගුහාව තෙක් බෞද්ධ ආගමික ලක්ෂණ සහිත ගුහා වේ. 13 සිට 29 තෙක් හින්දු ආගමික ගුහා වන අතර 30- 34 ජෛන ආගමික ගුහාවන්ය.
මෙම කයිලාසා ගොඩනැගිල්ල ඉහල සිංහ රූප හතරක් ඇති අතර ඒවා ගුවනින් බැලූ විටදී කතිරයක් ආතාරයට පෙනේ. මත දක්වන අය ප්‍රකාශ කරන්නේ මෙය ගුවනින් එන අයට ස්ථානය දක්වන සංඥාවක් බවයි.

මෙම ගුහා අතරින් 32 වන ගුහාව වන ඉන්ද්‍ර සභා ගුහාව අති සුවේශ ලක්ෂණ දක්වයි. මෙහි ඇති නෙළුම් පොකුණ අපූර්ව කලා නිර්මාණයකි. එමෙන්ම මූර්ථි වලින් ඇති වන්නේ අති විශේෂ ලක්ෂණය. ජෛන ආගමික ලක්ෂණ සහිත ගුහාවන්ගේ අලංකාරවත් සිතුවම්ද දක්නට හැකිය. ඒවා බොහොමයක් සිවිලිම්වල ඇති අතර අනෙක් බොහෝ චිත්‍ර කාලය අනුව විනාශයට පත්ව ඇත.
ඉහත ඇති පින්තූර මගින් ඔබට මේ පිලිබද වඩා දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම පහත ඇති වීඩීයෝව බැලීමෙන් ඔබට අළුත් තොරතුරු සහ විස්තර රාශියක් දැන ගැනීමට හැකිය.
0 comments:
Post a Comment