ක්ලච්චය (Clutch)

සාමාන්‍යයෙන් වාහනයක ක්ලච්චය පිහිටා ඇත්තේ ජව රෝදයත් ගියර පෙට්ටියත් අතරය. එය ක්‍රියා කරවනු ලබන්නේ රියැදුරු කුටියේ පිහිටි ක්ලච් පාදිකය (Clutch Pedal) මගිනි. රියැදුරු තැන ක්ලච් පාදිකය පෑගූ විට, ක්ලච්චය ක්‍රියාකර ජවරෝදය හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය කඩයි. එමෙන්ම රියැදුරු ක්ලච් පාදිකය නිදහස් කළ විට ජව රෝදය හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය ඇතිවී එන්ජිමේ නිපදවන යාන්ත්‍රික ශක්තිය ගියර පෙට්ටිය කරා සම්ප්‍රේෂණය වේ.
ක්ලච්චය මගින් මෝටර් වාහනයකදී ප්‍රධාන කාර්යයන් හතරක් ඉටු කරයි.
 එනම් :- 
   1)  එන්ජිම හා සම්ප්‍රේෂණ පද්ධතිය අතර සම්බන්ධය (තාවකාලිකව) කඩමින් එන්ජිමට නිදහස්ව ක්‍රියා කිරීමට ඉඩ සලස්වයි.
   2)  එන්ජිම ක්‍රියා කරමින් තිබියදී සම්ප්‍රේෂණ පද්ධතිය හා එන්ජිම අතර සම්බන්ධය මෘදුව ඇතිකිරීමට සහාය වෙයි.
   3)  වාහනය ධාවනය වෙමින් තිබියදී ගියර මාරු කර ගැනීම සදහා රියැදුරාට උපකාරී වේ.                                                                                  
   4)  වාහනය මත යෙදෙන අනවශ්‍ය අධික බර මගින් ඇතිවිය හැකි හානි වලින් එන්ජිමේ හා සම්ප්‍රේෂණ පද්ධතියේ කොටස් ආරක්ෂා කරයි.
පහත සදහන් රූප සටහන් තුල විවිධ ක්ලච්ච වර්ග දක්වා ඇත.




Powered By : Tharindu Chathuranga
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. හොඳ පාඩම් මාලාවක් .ස්තුතියි .

    ReplyDelete