HTML File Save & මූලික ආකෘතිය - දෙවන කොටස

HTML File Save

පළමුව NotePad විවෘත්ත කරගන්න.

ඉන්පසු පහතින් දැක්වෙන කේතය ට්යිප් කරගන්න. (මෙය පිටුවක මූලික ආකෘතියයි.)
 


 <html>
            <head>
                  <title> Index </title>
           </head>
  <body>
      My web Page : nanapalasa
 </body>
 </html>

මෙය වෙබ් පිටුවක මූලික ආකෘතිය ලෙසද සැලකිය හැකිය. මොකද මෙම නිල් පැහැයෙන් දැක්වෙන ටැග් අනිවාර්යයෙන්ම HTML පිටුවක අඩන්ගු විය යුතුය.


මෙහි <title> ටැග් යුගල මධ්‍යයේ යොදන නම වෙබ් Browser දර්ශනය කිරීමේදී Window එකේ Title එක ලෙස ක්‍රියාකරයි.

එමෙන්ම <body> ටැග් යුගල මධ්‍යයේ ඇති දෑ දර්ශනය වන්නේ වෙබ් පිටුව තුලයි. එය වෙබ් පිටුවේ අන්තර්ගතය අතුලත් කිරීම සදහා භාවිතා කරයි.

හරි දැන් අපි ටයිප් කරගත් කේත කොටස HTML ගොනුවක් ලෙස ගබඩාකරගන්නේ කෙසේද බලමු.
පළමුව කලයුත්තේ File > Save As වෙත ‍යෑමයි. දැන් Save As window open වේ.

දන් පහත රූපයේ ආකාරයට 

          File name:  index.html

          Save as type:  All files

ලෙස ලබා දෙන්න.
ඔබට අවශ්‍යනම් මෙම index.html කියන නම වෙනුවට වෙන නමක් භාවිතාකල හැක. හැබැයි එම නමේ අවසානයට .html ලෙස තිබීම අනිවර්ය වේ.



දැන් Save විය යුතු ස්ථානය  තෝරා Save කරන්න.

එවිට Save උනු ගොනුව අප Save කල ස්ථානයේ Default Web Browser අයිකන් එකක් ලෙස දර්ශනය කරයි.

මෙය විවෘත්ත කරගත්විට මෙසෙ අපට එය දිස්වේ.

 



මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් NotePade විවෘත්ත කර Open (short key: ctrl + O ) ගොස් අදාල් File එක තෝරන්න.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment