ෆේස්බුක් එකේ සිටින අමුතු ඩයල්

ෆේස්බුක් එකේ සිටින අමුතු ඩයල්

01. මොලේ ඇති ඩයල්
 

 මොවුන් ෆේස්බුක් එන්නේ ආතල් ගන්නට නොව. යම් යම් වැදගත් පෝස්ට් දමා
අනිත් අයට යම් කිසි දෙයක් ලබා දීම සිදු කරයි. විහිළු වැනි දේ ශෙයා
කිරීමද සිදු කරයි. මොවුන්ට යහළුවන් අඩු අතර මොලේ ඇති යහෞවන් කිහිපයක්
සිටී. ලයික් ලැබෙන්නේද අඩුවෙනි.
 


02. බූට් ඩයල්
.
ෆේස්බුක් එකට ආපු දවසේ සිට බූට් සින්දු, බූට් පෝස්ට්, පින්තූර දැමීම සිදු කරයි.
මෙලෝ රහක් නැත. බූට් කෑම ඔවුන්ට සාමාන්ය දෙයකි. තමන්ටද බූට්
කාපු සෙට් එකක් යාලුවන් ලෙස සිටින අතර කෙල්ලන්ට ලේසියෙන්ම
ගොදුරු බවට පත් කිරීමට හැකිය
.
.
03. බුකි වීරයන්
.
බොහොමයක් මෙවැනි වීරයන් අපට මල් ගෘප් වල දැක ගැනීමට
හැකිය. කෙල්ලන්ට බනින කොල්ලන් හොයාගෙන ගොස් රණ්ඩු කිරීම මොවුන් සිදු
කරයි. කෙල්ලන්ව නලවමින් පෝස්ට් දමන නිසා පිරිමි යහළුවන් වැඩිය
නොමැත. කෙල්ලන් මොවුන්ගෙන් අදික ලෙස දත ගලවන අතර ඒත් මට්ටු නොවේ.
කෙල්ලන්ගේ හොද කියන මල් පෝස්ට් දැමීම නිතරම සිදු කරයි. ඇත්ත ලෝකයේ
කෙල්ලෙක්ට කතා කර සෙට් කර ගත නොහැකි ඩයල් මෙලෙස බුකියේ වීරයන් වේ
.
..
04. Like, Comment ඇමේනියා කාරයෝ
.
මෙලෝ රහක් නැති ඩයල් එකකි. උදේ පාන්දර නැගිට GM පෝස්ට් එකක්
දමන අතර හවස 5 ට විතර GN පෝස්ට් එක දමති. ඒ අතරතුර කාලයේදී
අනේ මට මේ අකුරෙන් කමෙන්ට් 200ක් දාන්න, අහවල් ඉස්ටිකරෙන්
කමෙන්ට් 500ක් ඕනේ යනුවෙන් සදහන් කර පෝස්ට් දමති. දෙලෝවටම වැදගත්
කමක් නැති බුකියෝ වන අතර උටම හරියන යහලුවන් සෙට් එකක් සිටී. මෙලෝ
රහක් නැති උනත් ලයික් සෑහෙන්න ලැබේ.
30% ක් පමණ කොල්ලන්ද 70% ක් පමණ කෙල්ලන් හා ෆේක් අකවුන්ට්
කරුවන්ද මේ අතර සිටී
.
.
05. Official Comment ගොබ්බයන්
.
එකෙක් මලා කියා දැම්මත් එකම කමෙන්ට් එක Wall එකේ පේන සේරම
පෝස්ට් වලට දාන ඩයල් වේ. මෙලෝ රහක් නැති උනත් ඌ දාන පෝස්ට්
වලට ලයික් කරන සෙට් ද සිටී. ඔවුන්ට Best Likers කියාද කියයි.
අජූත කොට්ටාසයකි.
.
.
06. බුකිපාළුවන්
.
බුකිය තමන්ගේ දේශපාලන වේදිකාව කර ගත් පිරිසකි.
තාමාගේ මතය අනුව දේශපාලන පෝස්ට් මඩ පෝස්ට්
නිර්මාණය කිරීම සිදු කරයි. මෙවුන්ගේ පෝස්ට් වල සාමකාමීව
කමෙන්ට් කරනවා මම ජීවිතේට දැක නැත. කතා කරන්නේ ඇර
ගැනීමටම ය. හොද බුකිපාලුවන් මෙන්ම එපා කරපු බුකිපාලුවන්ද
සිටී. ඒපා කරපු බුකිපාලුවන් යනු අමු පච කෙලින සෙට් ය. ජීවිතේට
චන්දේ දී නොමැති සෙට් ද මේ අතර සිටී. (18 ට අඩු ඇත්තෝ )
.
.
07. බුකි ආදරවන්තයෝ
.
කෙල්ලයි කොල්ලයි දෙන්නම එකට මුලු ලෝකෙටම පේන්න ලවු කරන පිරිස් මේ
අතර වේ. කොල්ලට හෝ කෙල්ලට දෙයක් කියන්න වූ විට මැසේජ් එකක් නොදා
Public පෝස්ට් එකක් විදියටම දායි. බොහෝ විට දෙන්නම එකම Profile
pic එක භාවිතා කරයි. කොල්ලා කෙල්ලගේ හිත වචනෙකින් හෝ
රිදෙව්වොත් public පෝස්ට් එකක් දමා කෙල්ල අදෝනා දෙන අතර ඉහත
සදහන් කල බුකි වීරයන් එම කෙල්ලව නැලවීමට උත්සහා දරයි.
එනිසා බුකි ආදර වලින් 75% කට පමණ කණ කොකා හඩන්නේ
නොදැනීමය.
.
.
08. අසහන කාරයෝ
.
කොල්ලන් මෙන්ම කෙල්ලන්ද මේ අතර සිටී. බුකියට ආපු වෙලේ සිට පේන පේන හැම
කෙල්ලටම කොල්ලටම Request දමන අතර Online සිටින කෙල්ලෝ සෙට්
එකටම එකවර Hi halo kohomada, Hi oya lassanai, Hi oya
koheda inne, Oyata kohomadha ලෙස පැනි මැසේජ් දමා කෙල්ලන්
සෙට් කර ගැනීමට දැඩි පරිශ්රමයක් දරයි. මොලේ ඇති කෙල්ලෝ මේ වගේ ගොන් පහේ
ඩයල් වලින් කාඩ් ගලෝගන්නා අතර ඊට් වඩා ලොකු ලොකු දත්
ගලවන අවස්ථාද ඇත . Sex Chat කිරීමට පමණක් බුකි එන
අමුතුම තාලේ ගොන් ඩයල් ද මේ ගණයට ඇතුලත් වේ
.
.
09. උදව් කරන්නන්
.
මුලින් සදහන් කරන ලද මොලේ ඇති ඩයල් ද මේ කොටසට අයත් වේ. තමන්
දන්නා යම් ක්ශේත්රයකින් අනිත් අයට එන ප්රශ්න වලට උදව් කිරීමට
මොවුන් ඕනෑම අවස්ථාවක සූදානම් ය. ඉතාමත් වටිනා
ඩයල් වන අතර කෙල්ලන් මොවුන්ට සෙට් වන්නේ ආයාසයකින් තොරවයි
.
.
10. පතෝලයන්
.
වැඩකට ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. බුකියට ආවොත් ඔහේ Wall එකේ උඩට පහලට
යනවා. සමහර ඒවට ලයික් කරනවා. ඊට වඩා දෙයක් මොවුන්
කරන්නේ නැත. ගොඩක් අයගේ Friend List වල මේ වගේ උන් බහුලව සිටී.
කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න සෙට් එකකි.


11. සුපිරි කොල්ලන්

කෙල්ලොන්ට පැනි හලන්නෙත් නැ කොල්ලොන්ට ගේම ඉල්ලනෙත් නැ

ඒත් කෙල්ලන් සහ කොල්ලන් සමග එකට සිටි
ලොල්ලන් සහ පඩ කෙල්ලන් ඇලජික් ඩයල් වේ


12. ජීවිතේම පොස්ට් කරන ඩයල්

චූ කරන්න එලියට ගියත් පෝස්ට් එකක් දාන්න අමතක නොකරන ඩයල්
ය. මොවුන්ගේ ගෙවල් කැඩීමට හොරුන්ට ඉතාමත් පහසුය. මොහු එලියට යන
වෙලාවක් බලා ගෙවල් බිදීම සිදු කල හැක


13. Photographers ලා

හොද ෆෝන් එකක් කැමරාවක් ගත්ත ගමන් අහසේ හා මල් වල ෆොටෝ
ටිකක් ගසා photographers ලා වන ඩයල් සිටින අතර සුපිරි
Photographers ලා ද සිටී
 

 

14. Selfie ඇමේනියා ඩයල්
 


රෙන්න ටොයිලට් එකට ගියත් සෙල්පියක් ගසා දමන සෙට් එක මේ අතර වේ.
හොද සෙල්පි අතරේ ගොන් පහේ සෙල්පි ද අපට දැක ගැනීමට හැක
 


15. Tag අමේනියා ඩයල්
 

 මොන පෝස්ට් එක දැම්මත් ටැග් කරන්න පුලුවන් සේරම ටැග් කරන අතර මෙලෝ
රහක් නැති පෝස්ට් වලටද ටැග් දමයි

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment