අපි මෙම පාඩමෙන් වානේ පිළිබද කතා කරමු.
කර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ වැඩියෙන්ම භාවිතා වන ෆෙරස් ලෝහය(Fe) වානේ වේ. වානේ වල
සුළු ප්‍රමාණයක් කාබන් ද ඉතිරිය යකඩ ද අඩංගු වේ. තවද Mn(මැග්ගනස්), S(සල්ෆර්), P(පොස්පරස්) සුළු
වශයෙන් අඩංගු වේ. කාබන් ප්‍රතිශතය අනුව වානේ ප්‍රධාන කොටස් 3කට බෙදිය හැකිය.
0.3% දක්වා කාබන් අඩංගු වේ.
මේවා සාමාන්‍ය ශක්තියෙන් වන අතර හොද තන්‍ය ගුණයෙන් යුක්ත වේ. පහසුවෙන් මැෂින් කළ
හැකි අතර අත් ආයුධ වලින් ද කැපිය හැකිය. වැඩි වශයෙන් පොදු ඉංජිනේරු වැඩ සඳහා භාවිතා වන අතර මෙම වානේ වලට මෘදු වානේ යන නම ද
භාවිතා කරයි.
01). අඩු කාබන් වානේ හෙවත් මෘදු
වානේ
02). මධ්‍යම කාබන් වානේ
03). අධි කාබන් වානේ
01). අඩු කාබන් වානේ

02). මධ්‍යම
කාබන් වානේ
0.3% සිට 0.5% දක්වා C අඩංගු වානේ මේ ගණයට අයත් වේ. මෙම වානේ දැඩි බවට පත් කර
හැකිය. පණ පෙවීම තුලින් මෙහි දැඩි බව අඩු කර ගත හැක. මේවා ඉහළ ශක්තියෙන් යුතුවන
අතර හොද ප්‍රබලතාවයෙන් ද යුක්ත වේ. නමුත් දැඩි කළ පසු භංගුරතාවය ඇති වීමට පුළුවනි.
මෙම වානේ දගර කඳ, අක්ෂ දඩු, ආදිය
නිෂ්පාදනයට භාවිතා කරයි.
03). අධි
කාබන් වානේ
0.5% සිට 1.4% දක්වා කාබන්
අඩංගු වානේ මෙම ඉහළ කාබන් ප්‍රතිශතය නිසා මෙම වානේ ඉතා දැඩි බවට පත් කළ හැක. මෙම
වානේ කැපුම් ආයුධ නිෂ්පාදනයට බහුලව භාවිතා කරයි.
Powered By : Tharindu Chathuranga
0 comments:
Post a Comment