හයිබ්‍රිඩ් මෝටර් රථයක් ක්‍රියාකරන්නේ මෙහෙමයි.



                                                               හයිබ්‍රිඩ් මෝටර් රථයක් යනු ඉන්ධන හා විදුලිය යන දෙවර්ගයම භාවිතා කරන මෝටර් රථයකි. සාමාන්‍ය මෝටර් රථයක නම්, ශක්තිය නිපදවීමට විශාල ප්‍රමාණයේ ඉන්ධන එන්ජිමක් තිබේ. හයිබ්‍රිඩ් වාහනවල ඇත්තේ කුඩා ප්‍රමාණයේ එන්ජිමකි. එම එන්ජිම මගින් මෝටර් රථය ධාවනය නොකෙරේ. නමුත් මෝටර් රථයේ ඇති බැටරි ආරෝපණය කරන ජෙනරේටරයක් ලෙස එන්ජිම ක්‍රියා කරයි. හයිබ්‍රිඩ් මෝටර් රථයේ රෝද වලට බලය ලබා දෙනුයේ විදුලි මෝටර් එකක් හෝ කිහිපයක් මගිනි. විවිද හේතු කිහිපයක් නිසාම හයිබ්‍රිඩ් මෝටර් රථය, සාමාන්‍ය මෝටර් රථයකට වඩා බෙහෙවින් කාර්යක්ෂම වේ.

සාමාන්‍ය මෝටර් රථයක නම්, මෝටර් රථයේ වේගය වැඩි කරවීමට එන්ජිම විශාල බලයක් නිපදවයි. මෝටර් රථය ඒකාකාරී වේගයක ධාවනය කරවන විට අවශ්‍ය වනුයේ අඩු බලයකි. නමුත් ඊට සාපේක්ෂව ඉන්ධන එන්ජිමේ බලය අඩු නොවී නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතී. එනිසා සාමාන්‍ය මෝටර් රථ එන්ජිම් වලින් ශක්තිය විශාල වශයෙන් හානි වේ.
හයිබ්‍රිඩ් මෝටර් රථවල ඇති කුඩා එන්ජිම, ඔල්ටනේටර් ලෙස හඳුන්වන ජෙනරේටර් කරකවා බැටරි ආරෝපණය කිරීමට බලය ලබා දේ. ධාවනයේදී බැටරි විසර්ජනය වන විට එන්ජිම ක්‍රියාත්මක වී ඒවා යම් නියමිත ප්‍රමාණයකට ආරෝපණය කර ඉබේම ක්‍රියා විරහිත වී යයි. නැවතත් බැටරි වලට බලය අවශ්‍ය වන විට එන්ජිම ක්‍රියාත්මක වේ.

හයිබ්‍රිඩ් මෝටර් රථවල පිටුපසට හා ඉදිරිපසට ලෙස සාමාන්යෙන් විදුලි මෝටර් 2ක් තිබේ. වාහනයේ වේගය වැඩි කිරීමට අවශ්‍ය විටෙක පරිගණකයක් මගින් ගණනය කර විදුලි මෝටර් වලට ලැබෙන බලය වැඩි කරයි. එමෙන්ම වාහනය එකකරිව ධාවනය වන විට හෝ වේගය අඩු කරන විට අවශ්‍ය නම් බලය අඩු කිරීමට හෝ සම්පුර්ණයෙන් කපා දැමීමට හෝ පුළුවන.

සාමාන්‍ය මෝටර් රථ එන්ජිමක් මෙන් හයිබ්‍රිඩ් මෝටර් රථ වල එන්ජිම අනවශ්‍ය අවස්ථාවල ශක්තිය නිරපරාධයේ නිපදවන්නේ නැති නිසා ඉතා කාර්යක්ෂම වන අතර ප්‍රමාණයෙන් කුඩාවට නිපදවීමටද හැකිය.
එනිසා හයිබ්‍රිඩ් මෝටර් රථ පරිසර හිතකාම ඉතා කාර්යක්ෂම මෝටර් රථ වර්ගයක් වේ.

හයිබ්‍රිඩ් මෝටර් රථ ගැන වැඩි විස්තර මේ YouTube වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment